නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:

පානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාපාරයක් සහ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

විවිධ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, නීතිවිරෝධී කටයුතුවල නිරත වූ බවට සැකකෙරෙන චීන ජාතිකයින් 32 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම සැකකරුවන් සතු පරිගණක 23ක් සහ අනෙකුත් උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් – 20කට අධික පිරිසකට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ජපානයේ මධ්‍යම ප්‍රදේශයට...