මැතිවරණ දූෂණ සිදු වූ බව පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පිළිගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ මහ මැතිවරණ ප්‍රතිඵල අසාධාරණ බව පවසමින් රට පුරා පැතිර යන විරෝධතා මධ්‍යයේ මැතිවරණ දූෂණ සිදු වූ බවට පකිස්ථානයේ මැතිවරණ කොමසාරිසමේ ඉහල නිලධාරියකු වන Rawalpindi Liaqat Ali Chatta මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Rawalpindi Liaqat Ali Chatta මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, පන්ජාබ් පළාතේ Rawalpindi හි බලධාරීන් ස්වාධීන අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල වෙනස් කළ බවත්, ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජන්ද 70,000කට වඩා ඉදිරියෙන් සිටිය යුතු බවත්ය. එමෙන්ම ඔහු රාවල්පිණ්ඩි හි සිදු වූ වරදේ වගකීම තමා භාර ගන්න බවත්, පකිස්තානයේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට සහ අගවිනිසුරුවරයාට මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා භාර ගත යුතු බවට සඳහන් කර තිබේ.

මෙම පාපොච්චාරණයත් සමඟ පකිස්තානයේ පෙබරවාරි 8 මැතිවරණයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තවත් ප්‍රශ්න මතු වෙමින් ඇති අතර මෙම ප්‍රකාශයත් සමඟ Rawalpindi Liaqat Ali Chatta මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති මුත්, පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු Qazi Faez Isa එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය (පීටීඅයි) ප්‍රධාන මැතිවරණ කොමසාරිස්ට ඉල්ලා අස්වන ලෙස බල කර ඇති අතර ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා සෙනසුරාදා රට පුරා දූෂණ විරෝධී රැළි සුදානම් කර තිබේ.

ඔවුන් පතිවරණ ප්‍රතිඵල පිලි නොගන්නා බව පවසමින් හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (පීඑම්එල්-එන්) සහ බිලාවල් භූතෝ සර්දාරිගේ පාකිස්තාන මහජන පක්ෂයට (පීඑම්එල්-එන්) පක්ෂයට, මැතිවරණ කොමිසමට හා හමුදාවට චෝදනා එල්ල කර තිබේ.

මෙම දූෂණ චෝදනා මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත්, අන්තර්වාර මහ ඇමති, පන්ජාබ් මොහ්සින් නක්වි කොමසාරිස්වරයාගේ චෝදනා ගැන අවධානය යොමු කර ඇති අතර මැතිවරණ ප්‍රතිඵලය හැසිරවීමේ චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...