මහදවල් අධිකරණය ඇතුළටම ගිහින් මිනී මරනවා. මේකද ජාතික ආරක්ෂාව?

Date:

කොළඹ LNW:රටේ ජාතික ආරක්ෂාව සහ බදු ක්‍රමය ගැන නිසි තහවුරුවක් නොමැතිව තොරතුරු තාක්ෂණවේදය පැත්තෙන් රජය ආපෙක්ෂා කරන ඩොලර් බිලියන 15ක ආර්ථිකයකට යා නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වන විට මහ දවල් අධිකරණ පද්ධතිය ඇතුලටම ගොස් මනුෂ්‍ය ඝාතන සිදුකරන තත්ත්වයට ආරක්ෂාව අර්බුදයට ගොස් ඇති බවටයි එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

”මම දැක්කා ඊයේ ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරිය කියනවා ජාතික ආරක්ෂාවට අඩුවෙන්ම මුදල් වෙන්කරලා තියෙන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඕන විදිහට පයින් යන්න පුළුවන්. අද දවසේ මිනී මැරුම් දෙකයි. ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ මිනී මැරුමක්. පොඩි දරුවෝ දෙන්නෙකුත් ඝාතනය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අධිකරණය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. පාතාලය වෙන්න පුළුවන්. ඔහුගේ චර්යාව පිළිබඳ මම කතාකරන්න යන්නේ නැහැ ගරු කථානායකතුමනි. හැබැයි මෙවැනි සිදුවීම් සිද්ධ වෙනකොට ඔබ එක පැත්තකින් කියනවා මේ රටේ පුරවැසියාට ආරක්ෂාව ප්‍රශ්නයක් නැහැ ඕන තැනක යන්න. තවත් පැත්තකින් මොකද වෙන්නේ මහා දවල් මිනී මරනවා. අනිත් පැත්තෙන් කියනවා ආයෝජකයින්ට එන්නලු. පාතාලය මර්දනය කිරීමේ සැලැස්මක් ඔබතුමන්ලා ගාව තියෙනවා නම් අපි ඒක දන්නේ නැහැ. ඒක අපි අහන්නෙත් නැහැ. කියන්නත් එපා. හැබැයි මේක නම් ලෝකෙට ලැබෙන ප්‍රතිරූපය ලංකාව පිළිබඳව අධිකරණ පද්ධතිය ඇතුලේ, මන්නාරම උසාවියේ එළියේ කොළඹ උසාවියේ ඇතුලේ. ඒ වගේම අද නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වෙන වෙලාවේ අධිකරණ පද්ධතියට නීතිඥවරයෙක් වගේ ඇදගෙන ගිහින්, මාධ්‍යයේ වාර්තා වෙන අන්දමට. මෙවැනි දේවල්වලටත් ආණ්ඩුව තමන්ගේ අවදානය යොමුකරන්නේ නැත්නම් IT සෙක්ටර් එකේ ඩොලර් බිලියන 15ක ඉකොනොමි එකකට යන්න කවදාවත් ඔබතුමන්ලට හම්බෙන්නේ නැහැ එක පැත්තකින් බදු ක්‍රමයත් අනිත් පැත්තෙන් මේ රටේ ආයෝජකයින්ට ආරක්ෂාව සපයන්නේ නැතුව.”

පවතින බදු ක්‍රමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් කිසිලෙසකින්වත් විදෙස් ආයෝජන ගෙන ඒමට නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...