*
Friday, February 21, 2025
spot_img

Latest Posts

ඝාතනය තමන්ගේ සංස්කෘතිය කරගත් අය අද කිඹුල් කඳුළු හෙළනවා – වටගල පාර්ලිමේන්තුව හොල්ලයි (VIDEO)

දේශපාලන ඝාතන තමන්ගේ සංස්කෘතිය බවට පත්කරගෙන සිටි ඇතැම් පාර්ශ්ව අද දවසේ එක් සිදුවීමක් නිසා ජාතික ජන බලවේගයට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන්නට පටන්ගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

එහෙත් අලුත්කඩේ උසාවියේදී පුද්ගලයකු ඝාතනයට ලක්වී පැය 24ක් ගතවීමටත් පෙර ඝාතකයාව අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

“මෙතන නාමල් රාජපක්ෂත් හෙක්ටර් අප්පුහාමි මහත්තයාත් බොහොම දුක්වුණා අද මහේස්ත්‍රාත් උසාවියේ වුණු ඝාතනය ගැන. දුක්වෙන්න එපැයි. හැබැයි ඝාතනය තමන්ගෙ ක්‍රමයක් විදියට අරගෙන ඇවිල්ලා, ඝාතනය තමන්ගෙ සංස්කෘතිය බවට පත් කරගත්තු මහත්තුරු අද දින 90 ආණ්ඩුවට ඇඟිල්ල දික්කරනවා මාර විදියට ඝාතන රැල්ලක් යනවානෙ, දැන් ජාතික ආරක්ෂාව කෝ කියලා. 2022 ජනවාරි 02 කවුද රට පාලනය කළේ. රනිල් වික්‍රමසිංහ තමයි මහේස්ත්‍රාත් උසාවියේ උදේට උදේට ඇවිල්ලා පරීක්ෂා කරන එක නතර කළේ. ඇත්ත වශයෙන්ම පොලිස් බල්ලො දාලා, වෙනත් දේවල් පාවිච්චි කරලා අධිකරණය සුද්ද කරලා තමයි මහේස්ත්‍රාත්වරුන්ට අවස්ථාව දුන්නෙ. නමුත් ඒ ජනවාරි 02 වනදායින් පස්සේ පරීක්ෂාව අවසන් වුණා. එදා ඉඳලා අද දක්වා මේ තත්වෙන් තමයි තිබුණේ. අපි කණගාටු වෙනවා වෙච්චි සිද්ධිය සම්බන්ධයෙන්. දැන් ඝාතකයාව පුත්තලමේදී අත් අඩංගුවට ගෙන තිබෙන බව දැන් අපට ආරංචි වෙලා තියෙනවා. ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තියෙනවා, ඊට අදාළ ප්‍රතිකර්ම යොදලා තිබෙනවා. හැබැයි ඝාතනය තමන්ගෙ සංස්කෘතිය කරගත්තු මහත්තුරු අද කිඹුල් කඳුළු හෙළනවා මෙතන ඇවිල්ලා මාර ප්‍රශ්නයක්නෙ වෙලා තියෙන්නෙ කියලා”

සාක්ෂි විනාශ කිරීම සඳහා ඝාතන සිදුකිරීමේ තත්වයක් ද පැවතුණු හෙයින් මිද්දෙනියේ ඝාතනය ගැන ද සැකයක් පවතින බව පැවසූ ඒ මහතා ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි විමර්ශන සම්බන්ධයෙන් ද ගැටලු උද්ගතව ඇත්තේ සාක්ෂි මැරීමේ ක්‍රමවේදය නිසා බවත් සඳහන් කළේය. එහි ඇඟිල්ල දිගු වී ඇත්තේ සාටක මහත්වරුන්ට බවත් නියෝජ්‍ය ඇමතිවරයා සිහිපත් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුරදී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan