මිද්දෙනියේ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට !

මිද්දෙනිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවාත් මියගොස් තිබේ.

ඔහු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) පස්වරුවේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම වෙඩිතැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැති අය සහ ඔහුගේ 06 හැවිරිදි දියණිය පෙරේදා දිනයේදීම මරණයට පත්ව තිබිණි.

ඔහු තම දරු තිදෙනා සමග රාත්‍රී ආහාර මිලදී ගැනීම සඳහා ගල්පොතයාය ප්‍රදේශයේ වෙළඳසැලකට ගොස් ඇති අතර ආහාර සූදානම් කෙරෙන තුරු වැඩිමල් දරුවා එහි නවතා බාල දියණිය සහ පුතා සමග වෙනත් වෙළඳසැලකට යතුරුපැදියෙන් ගොස් ඇති බවත් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වෙළඳසැලේ සිට ආපසු පැමිණෙමින් සිටියදී බවත් සඳහන්.

වෙඩිවැදීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නමැත්තා එම ස්ථානයේදීම මියගොස් තිබුණු අතර 06 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු T56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මියගිය අරුණ විදානගමගේ නමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවත් පොලීසිය පැවසීය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...