සටහන – රුවන් නෙළුගොල්ල
සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, සභානායක බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර ඇත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විසින් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කරන ලද්දේ 2026 ජනවාරි 23 වනදා ය. ඒ, ඔහු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අදාළ තනතුර ලබාගෙන ඇති බවට චෝදනා කරමිනි.


