මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා හමුවූ ජනපති

Date:

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා එක්ව ඇති අතර එම සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වූ බවයි. එහිදී පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති අවධාරණය කර තිබේ.

ජනපතිවරයා මෙහිදී පවසා ඇත්තේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාළ නිකාය විනයටද අවනත වන පරිදි සිදුකිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බවයි.

තව දුරටත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනපති පිළිගත් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...