*
Friday, November 22, 2024
spot_img

Latest Posts

රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 32 යි, එපමණයි ????

‘පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැද, ඇට මිඳුලු තුළ රඳා සිට දුක් දෙයි නිබන්දා’ සරච්චන්ද්‍රයන් දාරක ප්‍රේමයෙහි, ස්නේහයෙහි සදාකාලික නොනිමෙනා වේදනාව පිළිබඳ කියවන තැන නොවැළැක්විය හැකි ලෙස සිහියට නැගෙන්නේ මනෝරාණි අම්මාය. සිය පුතුගේ වියෝව වෙනුවෙන් සිය ජීවිතයේ අන්තිම හුස්ම දක්වාම සටන්කොට හිස් අතින් නික්ම ගිය ඒ අම්මාය. ඒ වද බන්ධනයට මුහුණ දුන් රිචඩ් ද සොයිසා නම් සොඳුරු මානවවාදියා ය.

සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු, නිවේදකයෙකු, ලේඛකයෙකු, කවියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරියකු මෙන්ම රංගන ශිල්පියකු ලෙසද ක්‍රියාකාරී වූ රිචඩ් ද සොයිසාගේ 32වන ගුණානුස්මරණය (18) වන දිනට යෙදී තිබිණි. මේ කෙටි සටහන ඒ පිළිබඳවයි.

1958 මාර්තු 18 වන දින උපත ලද රිචඩ් ද සොයිසාගේ පියා ලූෂන් සොයිසා වූ අතර මව සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරියක් වූ මනෝරාණි සරවනමුත්තු විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද රිචඩ් ද සොයිසා ඉහළ නාගරික පාංතික සුඛ විහරණ යටතේ හැදී වැඩිණ. 1983 වසරේ ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘යුගාන්තය’ චිත්‍රපටයෙහි මාලන් කබලානගේ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාව ඔහුට ලැබිණ. ඊට අමතරව ‘යශෝරාවය’ ටෙලි නාටයේ ද ඔහු සිය රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කරනු ලැබීය. ඔහු ඉතා දක්ෂ ලෙස ඉංග්‍රිසි භාෂාව හසුරවන ලද නිවේදකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් වූ අතර ඔහුගේ දක්ෂතාවය හා හැකියාව බහුවිධ ක්ෂේත්‍රයන් පුරා දක්නට ලැබිණ.

රිචඩ් ද සොයිසා INTER PRESS SERVICE (IPS) ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ කොළඹ වාර්තාකරු විය. එවකට රට තුළ පැවැති සූරාකෑම, මානව හිමිකම් කඩවීම පිළිබඳ ඔහු සංවේදී වු අතර 88-89 භීෂණ සමයේ මානව හිමිකම් කඩවීම් හා ඝාතන පිළිබඳව ඔහු නිරන්තරව ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවැරදි තොරතුරු ඉදිරිපත් කරණු ලැබීය. එමඟින් නිරන්තරව ජාත්‍යන්තර මාධ්‍යවල නිරීක්ෂණයට ලංකාව ලක් වූ අතර අති දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන රටක් වශයෙන් ලංකාව හඳුනා ගැණිනි. හුදෙක් ජනමාධ්‍ය භූමිකාවට එපිටින් යමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වශයෙන් ඔහු තර්ජනයට ලක්ව සිටි අයගේ ජීවිත බේරාගැනීමට ද මැදිහත් විය. මේ තත්වය පැවැති ආණ්ඩුවට බලවත් තර්ජනයක් විය.

කාලය මෙලෙස ගෙවෙමින් පවතිද්දී 1990 පෙබරවාරි 18 වන අලුයම 3.30 පමණ රිචඩ්ව සිය නිවසේ දී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගිය අතර 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රියකින් පැමිණි පිරිසක් සිය දරුවා පැහැරගෙන ගිය බවට මනෝරාණි සරවනමුත්තු මහත්මිය විසින් වැල්ලවත්ත පොලීසිය වෙත පැමිණිලි කරණු ලැබීය. එනමුත් ඔහු සම්බන්ධයෙන් එදින කිසිදු නිශ්චිත තොරතුරක් නොලැබුණු අතර අධික වද බන්ධනයට ලක්ව තිබූ මේ සොඳුරු මානව වාදියාගේ විරූපීව ගිය මළ සිරුර පසු දින උදෑසන කොරලවැල්ල දුම්රිය ස්ථානය අසල වෙරළට ගොඩගසා තිබියදී මව විසින් හඳුනා ගන්නා ලදි.

ඇසින් දුටු සාක්ෂිකරුවන් 07 දෙනෙකු සිටියදීත් රිචඩ් ද සොයිසා ඝාතන නඩුව නිසිලෙස විභාග නොවිණි. මරණ තර්ජන මධ්‍යයේ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ කැපවීම මත කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ රිචඩ් ද‌ සොයිසාගේ පැහැරගැනීම වෙනුවෙන් හඳුනාගනු ලැබූ පොළිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබීය. වසර ගණනක් තිස්සේ ඇදුණු වූ නඩු‌වේ අවසන් තීරණය 2005 වසරේ දී ප්‍රකාශයට පත් වූ අතර එහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුවන් සම්බන්ධයෙන් ලබාදී තිබුණු සාක්ෂි පරස්පර වීම මත ඔවුන්ව නිදොස්කොට නිදහස් කරන ලදි.

සිය පුත්‍රයාට සිදු වූ ඛේදවාචකයෙන් අතිශය කම්පාවට පත් මනෝරාණී සරවණමුත්තු මහත්මිය වරක කියා සිටියේ ‘දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම’ ක් බවයි. ඇයගේ වියෝව වන තෙක්ම අසාධාරණයට ලක්ව මිය ගිය සිය දරුවා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා වෙහෙස වූ අතර 2001 පෙබරවාරි 14 වන දින හිස් අතින්ම ඇය සිය පුතා සොයා ස්වර්ගීය මඟ යන්නට ගියාය.

ඒ භීෂණ සමයේ ක්‍රියාකාරී වූ මාධ්‍යවේදියෙකු ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසත් රිචඩ්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයින් සමග සම්බන්ධකම් තිබෙන්නට ද ඇත. එහෙත් රිචඩ්ගේ දේශපාලන දැක්ම ජවිපෙ කෝවට දැමිය හැකි එකක් නොව ඊට වඩා පුළුල් එකකි. අනෙක් අතට සිය පවුල් පසුබිම අනුව මේ කිසිවකට නොගෑවී සුවපහසු දිවියක් ගතකිරීමේ හැකියාව ද රිචඩ් ද තිබිණි. එහෙත් ඔහු ජීවිත තර්ජන මැද පවා මිනිස් ජීවිත බේරාගැනීම වෙනුවෙන්, සත්‍යය වෙනුවෙන්, පෙනී සිටීම තෝරාගත්තේය. ශිෂ්ඨ සම්පන්න සමාජයක නම් මේ කිසිවක් වධ බන්ධනයට ලක්ව ඝාතනයට ලක්වීමට හේතුවක් නොවිය යුතුව තිබුණු නමුත් ඒ වනවිට රටේ තිබුණේ ශිෂ්ඨ සම්පන්න දේශපාලන වාතාවරණයක් නොවේ.

රිචඩ්ගේ ඝාතනයෙන් පසු දේශපාලනය පිළිබඳව ආපසු හැරී බලන කල මංගල සමරවීර මෙන්ම මහින්ද රාජපක්ෂ ආදීන් එක්ව මනෝරාණී මහත්මිය පෙරටු කොටගෙන 1991 ‘මව්වරුන්ගේ පෙරමුණ’ බිහි කළ අතර 88-89 භීෂණ සමයේ මරා දමන ලද අතුරුදන් කරවන ලද තරුණයින්ගේ මව්වරුන්, බිරින්දෑවරුන් දහස් ගණනක් මේ සමඟ එක්වුණු අයුරුත් සිහිපත් කළ යුතුය. ඉන් පසුව එම බලවේගවල කරමතින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 දී බලයට පැමිණියාය. ඉන් අනතුරුවත් මව්වරුන්ගේ පෙරමුණ වෙනුවෙන් ක්‍රියාකාරී වූ මහින්දලා, මංගලලා ඇතුළු පිරිස් පිළිවෙලින් රාජ්‍ය බලය, ඉහළ රාජ්‍ය තනතුරු ලබාගත් අතර ජවිපෙ ද ආණ්ඩු සමග විවිධාකාරයෙන් සම්බන්ධ වුණු නමුත් රිචඩ් ද සොයිසා හෝ අනෙකුත් දරුවන් වෙනුවෙන්, ඒ දරුවන් නිසා මව්වරුන් හෙළූ කඳුළු වෙනුවෙන් සාධාරණයක්, යුක්තියක් නම් ඉටු නොවීය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනය, දේශපාලන පළිගැනීම්, පැහැරගෙන යෑම්, වද හිංසනයට ලක් කිරීම්, ඝාතන මෙන්ම අපරාධ මුක්තිය සම්බන්ධව සාක්ෂියක් ලෙස, යුක්තිය ඉටු නොවූ රිචඩ් ද සොයිසා අදටත් කොරලවැල්ලට ඉහළ අහසේ රැඳී සිටියි. එසේ ම ඉහත සාකච්ජා කළ මාතෘකාවන්ගෙන් වන පීඩනය හිංසනයත් අදටත් ලාංකේය සමාජයෙහි එලෙසින්ම දක්නට ලැබේ. අපිත් පෙබරවාරි 18 – 19 දිනවලදීත් , මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කතාබහ කෙරෙන වෙනත් දිනවලදීත් රිචඩ් ද සොයිසා පිළිබඳ මතකය අවදි කරන්නෙමු. එපමණකි !

  • සශිකලා මධුෂාණි

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan