බැසිල්ට ඉංග්‍රීසි උගන්නන්න ආපු අයට වුණේ තමන් ඉංග්‍රීසි නොදන්නා බව පිළිගන්නයි – පතිරණ

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් හාස්‍යයට ලක් කරමින් ඒ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි පිරිසට අවසානයේ සිදුවුණේ බැසිල් රාජපක්ෂ මහතා නොව තම තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ඉහත කී සිද්ධියට අදාළව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ තමන් ඉදිරිපත් කළ අභියෝගයකට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව පෙන්නුම් කරමිනි.

මෙම අභියෝගය එල්ල කළ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දහසක් ඉක්මවා ලැබී තිබුණු අතර ඒවායින් බහුතරයක් සිංහල භාෂාවෙන් සටහන් කර තිබිණි.

මේ අතර මෙම භාෂා සිදුවීමට අදාළව මහින්ද පතිරණ මහතා තවත් ආන්දෝලනාත්මක සටහන් කිහිපයක්ම තබා තිබෙනු ද දැකගත හැකිවිය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/18/7356/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...