ආර්ථික ස්ථාවරභාවය සඳහා වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ණය නොවන මුදල් ගලාඒම් වෙතයි: මහ බැංකු අධිපති

Date:

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ මෙම වසරේ හොඳම ක්‍රියාකාරී වෙළඳපොළක් බවට පත්ව ඇති බවත්, රටේ සියලුම් බැඳුම්කර වෙන්දේසි සඳහා සම්පූර්ණයෙන්ම දායක වී ඇති බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

බ්ලූම්බර්ග් නාලිකාවේ Bloomberg Markets: Asia වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ රටෙහි පොලී අනුපත මධ්‍යස්ත තත්ත්වයකට පැමිණ ඇති බවත්, බොහෝ පාර්ශවයන් යෝජනා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ප්‍රවේශයට සාපේක්ෂව ආයෝජක විශ්වාසය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත් ය.

මෙහිදී ණය පැහැර හැරීමෙන් තොරව ආර්ථිකය ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් පිළිබඳව පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා, පෙබරවාරි මස කල් පිරෙන රටේ සංවර්ධන බැඳුම්කර වල බොහෝ හිමිකරුවන් ආපසු ගෙවීමෙන් අනතුරුව නැවත ආයෝජනය කිරීමට එකඟව ඇති බවද අනාවරණය කළේය.

රටෙහි වත්මන් දළ දේශීය නිශ්පාදිතය, සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය සහ බැංකු අංශයේ සාමාන තත්ත්වයන් දෙස බලන විට ආර්ථික ස්ථාවරත්වය කෙරේ බලාපොරොත්තු ඇතිකර ගත හැකි පරිදි වර්ධනයක් දැකිය හැකි බවත්, එය ආයෝජක විශ්වාසය සහතික කිරීමට ඉවහල් වන බවත් කබ්රාල් මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආර්ථිකයට යම් යම් වෙනස්කම් සිදුකිරීමට රජය කටයුතු කරනු ඇති බවත්, ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් පියවර මීට උදාහරණයක් බවත් හෙතෙම සඳහන් කළේය.

ආර්ථික ස්ථාවරත්වය ලබා ගැනීමට ණය නොවන මුදල් ගලා ඒම් ප්‍රධාන සාධකයක් වන බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකාවට ගලා එන ප්‍රේෂණ සුරැකීම සහ දැනට ක්‍රියාත්මක වන ඇතැම් ඌන උපයෝගීතා වත්කම් විකිණීම මෙහිදී අවධානයට ගත යුතු කරුණු බව ද පෙන්වා දුන්නේය.

ජනවාරි 18 වැනි දින ඩොලර් මිලියන 500 ක බැඳුම්කරයක් ආපසු ගෙවීමෙන් අනතුරුව රටෙහි විදේශ විනිමය සංචිතය සියයට 25 කින් පමණ පහත වැටුණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ග සිතියම ප්‍රකාශයට පත් කළ දා පටන් රට තුළ සමස්ත සංචිතය ශක්තිමත් කිරීමට ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ සිදුකළ හුවමාරු උපකාර වූ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...