*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ALBORADA ගැන ඩබ්ලිව්. ජයසිරි කියන කතාව …

මම නෙරුදා රසිකයෙක් නොවෙමි.අතරින් පතර ඔහු ගැන දැනගත් දෑ නො දන්නා දෙයට වඩා අඩුය.මම නෙරුදා කියවන්නේ හඳගම හැදූ සිනමා සිත්තමෙනි.ඔහු නො දන්නා රටක,දැනගන්නට ආසා ගුප්ත දේ බොහෝ වේ.යක්ෂවෙස් මුහුණක් පිටේ බැඳගෙන යන පොඩිඑකා පිටුපස පන්නා ගෙන ගොස් ඇසෙන නුපුරුදු බෙරහඬ සමග වැයෙන ගුප්ත රුවට ඔහු කැමතියි.තම සේවකයා අස්පර්ශනීය ලෙස හඳුන්වන කුලහීනයන් ගේ සමාගම ඔහුට ආනන්දජනක ය.තම නවාතැනට එන මුල්ම මොහොතේ ඇස ගැටෙන අඩනිරුවත් පාර්වතී පිළිමය තුබූ තැනින් තමා කැමති කෝණයක තියාගන්නේ අජීවී වුව ලලනායනයට ඔහුගේ ඇති ආශාව නිසාය.රැන්ගුන් දිවිදෙනගෙන් ගැලවී නොරට එන නෙරුදාට එක්වන්නේ ඉහළ සමාජයේ හැසිරෙන තමාගේ කවි මුමුණන රසිකාවියකි.ස්ත්‍රී සම්පතින් ඔහුට අඩුවක් නැත.සිය සේවකයා අලුයම ලූ කෙළපිඬක් සේ ඉවතලන කුළහීණයන් සේවනයේ ආස්වාදය ඔහුට අහිමිවන්නේ හිටිගමන් කඩාපාත්වන රැන්ගුන් දිවිදෙනගෙන් එල්ලවන අදිසි කුණාටුවකට මුහුණ දීම නිසාය.ඇත්තටම ඇය දිවිදෙනක්ම බව අපට ඒත්තුයන්නේ ඇය ඔහු හැරදා යාමට පෙර වැළහින්නක් සේ හඬාවැටී ඔහු ගේ කේසාන්තයේ සිට පාදාන්තය තෙක් සිපවැළඳ දෙපා මුල වැඳ වැටුනු මොහොතේ නෙරුදා ගල්පිළිමයක් වී සිටීමෙන් ය.නෙරුදා ගැහැණුන්ට සළකන විඳිය ගැන සිය මිතුරා ඔහුට bastard වලත්තයා කීවත් ඒ නෙරුදා ගේ ස්වභාවය යි.

දිනෙක ඉරිමා උදේ ළවණ සුළඟ අතරින් තමා ආස්වාදණය ලබන අජීවී පාර්වතිය රතුරෙද්දකින් සැරසී මළබාල්දිය හිසමත ගෙන ඉළපත රැගෙන කැසිකිලියට එනු දකින ඔහු මුසපත් වේ.ඇය ඔහු ලියන කවිගැන මෙලෝහසරක් නො දනී.ඔහු තම ප්‍රේමය ආදරණීය ලෙස ප්‍රකාශ කිරීමට ඇය එන මග රතුරෝසමලක් තබා පොඩි එකෙක් වාගේ සැඟවී බලාසිටී.ඇය එය මළබාල්දියට දමන්නී ය.නැවත ඇය එන මග රතුසාරියක් තබා බොළඳ පෙම්වතෙක් සේ සැඟවී බලාසිටී.එවර ඇය එය දෙකකුලින් පාගා පිටමං වෙයි. නෙරුදා තරහින් පිපිරේ.වරක් ඇය එන මග නැවතී ඔහු දෙස නෙත්කොනින් බලා ගියා මතකය.නෙරුදා අර රතුසාරිය දෙකඩ කොට අඩනිරුවත් පාර්වතිය සරසයි.ඇය ලී මැස්සක් මත චණ්ඩි පිරිමියෙක් වාගේ දුම්වැටියක් උරමින් ඉන්නවා නෙරුදා දුටුවේ නැත. ඉදින් නෙරුදා දිනක් ඇය එන මග ඇයට යන්නට නොදී බාධා කලේය.ඇය ද එයට ප්‍රතික්‍රියා දක්වමින් සිට නිහඬව නැවතුන අතර ඔහු ද ඇයට යන්නට ඉඩ දී ලුණුඅදින ක්‍රීඩාවෙන් ඉවත්විය.ඇය ගියේ නැත.ඔහු ඇගේ අතින් අල්ලාගෙන නිදන කාමරය වෙත යද්දී ඇය ගේ විරෝධය ප්‍රකාශ විය. එකිනෙකා අතර වූ ද්වන්ධව සටන අවසන ගල්පිළිමයක් සේ සැතපී සිටි ඇය මත ඔහු තම සුරතාන්තය විඳ ගත්තේය.ඇය ගේ ඇසින් කඳුලක් වැටින. අවසන ඇය ලිහිල් සලුව ඇඟ දවටා ගනිමින් මහමුහුදේ ළවණ ජලයේ ගිලෙමින් නෙරුදා ගේ කාම මළ සිය සිරුරින් සෝදා හැරියාය. නෙරුදා ගේ සේවකයා කැලැඹුනු සිතින් ස්වාමියා හැර යාමට පෙර ඔහුට තහංචි වූ වැසිකිළියේ මළපහ කොට නික්මින.නෙරුදා සිය සේවකයා පරිහරණය කල කැසිකිලිය පිරිසිදුකර මළබාල්දිය හිසමත තබාගෙන වෙරළ තීරය දිගේ අපට නො පෙනී ගියේය.ඉන්දීය සයුරින් එසවී අප දෙස බලන සජීවී පාර්වතිය පසුබිමේ ශ්‍රී ලාංකීය සිනමාවේ අරුණාලෝකය පායා එමින් තිබිණි.

– ඩබ්ලිව්.ජයසිරි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan