*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අපි හදනවා, එතුමා කඩනවා. උදව් කළ අයට පෙරළා දෂ්ට කරනවා – ෆොන්සේකාට ඉඳුනිල්ගෙන් තදබල ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට පාක්ෂිකයින් තුළ ඇත්තේ බලවත් පිළිකුලක්, අප්පිරියාවක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

“අපි සරත් ෆොන්සේකා මැතිතුමාව සමගි ජන බලවේගයේ සභාපතිවරයා හැටියට පත්කරගත්තේ එතුමා පිළිබඳ විශාල ගෞරවයකින්, එතුමා පිළිබඳ විශේෂ විශ්වාසයකින්. හැබැයි දැන් අපට පේනවා සරත් ෆොන්සේකා මැතිතුමා හැසිරෙන්නෙ හමුදාපතිවරයකුට, ෆීල්ඩ් මාර්ෂල්වරයකුට තිබිය යුතු විනය, පෞරුෂය, පරිණතභාවය, මේ කිසිම දෙයක් නැතිව සාමාන්‍යයෙන් ළාබාල සොල්දාදුවෙක් වගේ. සරත් ෆොන්සේකා මැතිතුමා සජබ සභාපතිවරයා වශයෙන් පත්වෙච්ච දා ඉඳලා අපේ රටේ ජනතාව දන්නවා, අපේ පාක්ෂිකයින් දන්නවා එතුමා හැමදාම කළේ වෙනම ගමනක් සැලසුම් කරන එක, පක්ෂය විසින් සැලසුම් කරපු සියලු කටයුතු ප්‍රතික්ෂේප කරන එක, කඩාකප්පල්කාරී කතා පවත්වන එක, සම්පූර්ණයෙන් පක්ෂ ප්‍රතිපත්තියට පක්ෂ විනයට එරෙහි කතන්දර කතාකරන එක තමයි. සජබ ගොඩනැඟීම වෙනුවෙන් අපි හැමතිස්සෙම මහන්සි වෙනවා, එතුමා ඒ කළයට පයින් ගහනවා. කොටින්ම කිව්වොත් අපි හදනවා, එතුමා කඩනවා. පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවට ඔහු පොරක් වීම වෙනුවෙන් තමයි හැමදාම ප්‍රකාශ නිකුත් කරන්නෙ. පරිණත දේශපාලකයෙක් මෙහෙම කළයුතු නෑ.

එතුමා දේශපාලනය තුළ හැසිරෙන්නෙ රටකජු වෙළෙන්දෙක් වගේ. මොකද රටකජු වෙළඳාම් කරන කෙනෙක් ඒ භූමියට තවත් රටකජු වෙළෙන්දෙක් ආවාම අර වෙළෙන්දාට කචල් එකක් අදිනවා. දේශපාලන පක්ෂයක එහෙම බෑ. දේශපාලන පක්ෂයක් වුණාම මේකට අලුත් අය, දක්ෂයින්, බලවේග එකතු වෙන්න ඕනෙ. එහෙම තමා පක්ෂයක් පෝෂණය වෙන්නෙ. අපට තියෙන ප්‍රශ්නය මේ එකට වැඩකරන්න බැරිකමක් මොකක්ද මේ සරත් ෆොන්සේකා මහත්තයාට තියෙන්නෙ ? එතුමා එක්ක එකට වැඩකරන සියලුම දෙනා එක්ක එතුමා තරහ වෙන්න උත්සාහ කරන්නේ ඇයි ? තමන්ට සෙවනක් සලසපු හෝ උපකාරයක් කරපු අයට පෙරළා දෂ්ට කිරීමේ සංසාරගත පුරුද්දක් සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පේනවා.

දැන් අපට ආරංචියි එතුමා අධිකරණයෙන් වාරණයක් ඉල්ලන්න යනවාලු සජබ සභාපති ධුරයෙන් එතුමා නෙරපන්න එපාය, කැළණිය ආසන සංවිධායක ධුරයෙන් එතුමා නෙරපන්න එපාය කියලා. ඉතින් අපි කියන්නෙ වාරණ ඉල්ලන්න අවශ්‍ය වෙන්නෙ නෑ – අපි එතුමා නෙරපන තීරණයකට ඇවිල්ලාත් නෑ – නමුත් එතුමාගේ මේ ක්‍රියාකලාපය ගැන අපිට සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ට බලවත් පිළිකුලක් අප්පිරියාවක් නම් ඇතිවෙලා තියෙනවා. කරුණාකරලා ඒ පිළිකුල අප්පිරියාව තවදුරටත් වැඩිකරගන්නෙ නැතුව එතුමා විනයක් ඇතිව පක්ෂ සභාපති හැටියට කරන්න තියෙන දේ කරගෙන ගියොත් අධිකරණවලින් වාරණ ඉල්ලන්න අවශ්‍ය වෙන්නෙ නෑ”

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan