එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න එපා, මරික්කාර්ගෙන් ෆොන්සේකාට වාග් ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): සරත් ෆොන්සේකා විසින් සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා නඩු මඟට යාමට සැරසෙන බව තොරතුරු දැනගන්නට ලබුණු බවත් , නඩු දානවා නම් සමඟි ජනබලවේගයට දැනුම්දීමක් කර යන ලෙසත් , සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටී.

පක්ෂයක සිටින විට කාට වුවද ගැටලු මතුවන බවත් ඒවා පක්ෂය තුළ දී කතා බහ කර විසඳාගත යුතු දේවල් බවත් ඔහු කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා තව දුරටත් පැවසූවේ,

“මටත් දැනගන්න ලැබුණා සරත් ෆොන්සේකා මහත්මයා සභාපති ධුරයෙන් ඉවත් කරන්න එපා කියලා නඩු දාන්න යනවා කියලා. මට කියන්න තියන්නෙ නඩු දානවා නම් අපිට දැනුම්දීමක් කරලා යන්න. එතකොට අපි කියන්නම් අයින් කරන්න වෙනවා නම් ඒකට හේතු මොනවද කියලා. මම දැක්කා වෙබ් සයිට් එකක දාලා තිබුණා එතුමා ජනාධිපතිතුමාව හම්බ වෙනවලු ඩයනා ගමගේ මහත්මියගෙ නිවසේදි. මොකද ඩයනා ගමගේගෙ මහත්තයා තමයි සරත් ෆොන්සේකා මහත්මයාගෙ හිටපු ලේකම්වරයා. සමගි ජන බලවේගය සමඟ ඉන්නවා නම් සමගි ජන බලවේගය සමඟ ඉන්න ඕනෙ. රනිල් මහත්මයා එක්ක ඉන්නවා නම් එතන්ට යන්න ඕනෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ හමුදාපති කරපු කෙනත් එක්ක තරහ වුණා. කේක් කවපු කෙනත් එක්ක තරහ වුණා. ෆීල්ඩ් මාර්ෂල් කරපු කෙනත් එක්කත් තරහ වුණා. පැරදිලා ඉන්න අවස්ථාවක ඇමැතිකමක් දුන්න කෙනත් එක්කත් තරහ වුණා. පක්ෂයක ඉන්නකොට අපිට වුණත් ප්‍රශ්න තියනවා. ඒවා කතා බහ කරලා විසඳ ගන්න ඕනෙ, එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න යන්නෙ නැතුව” යැයි පැවැසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...