ඉදිරි සති කිහිපය තීරණාත්මකයි – ආරක්ෂක නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති හෙයින් උක්ත ප්‍රමාදයට හේතුව එය බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බව අරුණ ජයසේකර මහතා පැවසීය.

පවතින වාතාවරණය අනුව අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි හන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුව තිබෙන බවද ඔහු පෙන්වා දෙන ලදී.

”ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...