මෙරට සෞඛ්‍ය නංවන්න ජපන් රජයෙන් සහයෝගය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ජපන් රජයේ ආධාර යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙන අතර, එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීම කොළඹ වරායේ “ඩොල්ෆින් ජැටිය” පර්යන්තයේ දී සිදු කෙරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Misukoshi Hideaki මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඉහත ප්‍රදානය නිල වශයෙන් ලබා දුන් බව සඳහන් වේ.

ප්‍රදානයක් ලෙස ලැබුන මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති බව පැවසේ,

එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියලු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබන බව සඳහන් වේ.

එම සියලු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙනු ලබයි.

සුපර් ඩීසල්, පෙට්ට්‍රල් ලබා නොදෙන අතර, ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබන සිපෙට්කෝ (Ceylon Petroleum Corporation – CEYPETCO) ආයතනයත් සමඟ එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාවට නංවනු ලබන වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...