අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...