ගෝත්‍රික ආරවුලකින් පැපුවා නිව්ගිනියාවේ 64 දෙනෙකු ඝාතනය වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් එංගා පළාතේ ගෝත්‍රික ආරවුලක් අතරතුර වෙඩි තබා පුද්ගලයන් 64 දෙනෙකු ඝාතනය කර ඇති බව එරට ජාතික පොලිස් ප්‍රකාශකයෙක් පවසා ඇත.

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමග අරගල කර ඇති නමුත් මෙම ඝාතන වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ඝාතන බවට විශ්වාස කෙරේ.

පෝට් මෝර්ස්බි අගනුවරට වයඹ දෙසින් දළ වශයෙන් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි වබාග් නගරය ආසන්නයේ පොලිසිය සිරුරු රැස් කිරීමට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉඩම් සහ ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් උග්‍රවන ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී එංගා හි මාස තුනක අගුලු දැමීමට හේතු වූ අතර, එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ ගමන් සීමාද පැනවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...