ජනාධිපති රනිල් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂවරයා අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): අද (19) දින ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා අතර හමුවක් සිදුව ඇත.

මෙහිදී ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම්ද පිරිනමා ඇත.

මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික වී ඇති බව සඳහන් වේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී කෘෂිකර්මය ප්‍රධාන ක්ෂේත්‍රයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දායකත්වය සහ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...