*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

සිංහල සිනමා ගීතයේ ලීලය, සෝමපාල ලීලානන්ද උපහාර සිනමා උළෙල “යෞවන උයනේ” 21 දා සුදර්ශියේදී

කණට මී බිඳු ගාණට රහ දැනෙන ගීතයේ ප්‍රේමණිය අත්දැකීම් තියෙන්නෙම පද අස්සෙ.ආදරේ දැනෙන හඬවල් නැතුව නෙමෙයි.හඬට ඒ හැකියාව තියෙනවා.ඒත් දැනෙන වචන කට අස්සට ඔබන එක පහසු හඬයි,සංගීත නාද රටායි තරමටම අසීරුයි.මේ ප්‍රේමය තරුණ ආදරයට සීමා වුණ එකක් නෙමෙයි.විටෙක මාතෘත්වය,තවත් වෙලාවක පොදු මානව ප්‍රේමය.සෞන්දර්ය ….මේ හැම තැනක්ම ප්‍රේමණිය විදිහට ස්පර්ශ කරන්න පුළුවන් අකුරුයි වචනයි තිබුණ ලිලවන්ත මනුස්සෙක් අමතක කරලා දාලා,ඔහු රූප මවන්න ලියපු තිර නාටකවල රූපයි,ගීතයි රහට විඳින පරම්පරා ගාණක් වෙනුවෙන් කරපු රසාලිප්ත සේවයට අමුතු විදිහෙ උපහාර පිදීමක් කොළඹ සුදර්ශියෙ සූදානම් වෙලා තියෙනවා.ඒ 21 දා.ඔහු තිර නාටක ලියපු,ගී ලියපු චිත්‍රපට තුනක පිං පිරෙන ඇස් කැමති සිත් නිවන දානයක්.


මොකද හිතෙන්නෙ වැඩේ ගැන


මේ ලීලවන්ත හාදයා වන සෝමපාල ලීලානන්ද ට කතා කරලා මං ඇහැව්වා.
“තරුණ වෙලා වගෙ දැනෙනවා.”
“ඇත්තටම කිව්වොත් මල්ලි මේක පරම්පරාවකට මඟ හැරුණ වැඩක්.මේ වැඩේට මහන්සි වෙන සුදර්ශිය වෙනුවෙන් වැඩ කරන සමන් ප්‍රිය මාරසිංහයි,අජන්ත අලහකෝන්ටයි එන්න ඉස්සෙල්ලා පරම්පරාව කරන්න තිබුණ වැඩක්.ඒ අයට තමයි මං වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නෙ.ඒත් ඉතිං මේ පරම්පරාව හරි කරන එක හොඳයි.හුදෙකලා බවක් දැනෙමින් තියෙන වෙලාවක මේක ඇහැව්වම තරුණ වුණා වගෙ.තවමත් ලියන්න පුළුවන් කියන සංඥාව හදවතට දුන්නා.
පළමු වචන පෙළියෙන් නොනැවතුණු සෝමේ අයියා (සෝමපාල ලීලානන්ද වෙනුවෙන් කරන ආදරණීය ඇමතුම) ඒ වචනවලට හේතුවත් දිග ඇරියා.


පාට පොදක් තිලක ලා,සැරයටියෙන් අපි යනෙන තුරා,නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ,මල් වයසේ මධු සිහිනෙ,බිළිඳුනේ දරුවනේ වැනි ගීත දහස් ගණනක් ලියූ සෝමපාල ලීලානන්දයන් ගේ අතින් ලියවුණු චිත්‍රපට තිරනාටක ප්‍රමාණය 50 ද ඉක්මවයි.වානිජමය සිනමාවේ දැවන්ත නිර්මාණවලට උර දුන් ලීලානන්දගේ කතාව,දෙබස් සහ තිරනාටක දායක්තවය සැළකිල්ලට ගනිද්දී ඇත්තටම ඔහු මීට පෙර ඇගයීමට ලක් විය යුතුව තිබිණි.


එහෙත් පමා වී හෝ මේ ගන්නා අලුත් හුස්ම ලාංකේය සිනමා වංශකතාව සම්බන්ධයෙන් පරීක්ෂණයන් සිදු කිරීමේ උවමනාවක් ඇති විද්‍යාර්ථීන් සියලු දෙනාට 21 දා දවස පුරා සුදර්ශියේ මහා විශාල විෂය පද්ධතියක් නොමිලේ විවර කිර දීමක් වනු ඇත.


එදා උදේම මං බිරිඳයි දරුවයි එක්ක එනවා.ආයෙ හවස තමයි ගෙදර එන්නෙ.මට පුළුවන් දේ මේ වෙලාවෙ ඒකනෙ මල්ලි.අපි ගැන කතා නොකරන්න ඉතිං රටේ තත්ත්වය එක්ක ඉඩ නැහැ කියලා හිකාගෙන දරාගෙන හිටියා.සමහර වෙලාවට අපේ ගීත පට්ට ගහනවා.නමවත් කියන්න දන්නෙ නැහැ.එහෙම ඉද්දි අතේ සල්ලිත් නැතුව මෙහෙම දෙයක් කරන්න සමනුයි අජන්තයි ඉදිරිපත්වීම මගේ උපරිම ආදරය,ගෞරවය හිමිවෙනවා.”
සෝමෙ අයියා තරමක් හැඟුම්බරය.ඒ නිසා ඒ මහා මතක ගබඩාවේ පරණ රස තැන් අවුස්සා බලන්නට සිත් විණි.


ඔහු නාවල සිට වේල්ලවීදියට එන්නේ චිත්‍රකර්මයට ඇති ආදරේටය.එහිදී සොමේ අයියාට ගීත ගැයීමේ ආසාවක් උපදියි.වේල්ලවීදියේ ගාමිණි සමරවීර ඇඳුරුතුමාගේ තැනට නිතර යන එන එයකට නාගරික මන්ත්‍රීවරයෙක් වූ පසුව ජනපති පදවියට පත් රණසිංහ ප්‍රේමදාස සමඟ කුළුපඟ වන්නට සෝමේ අයියාට මඟ පෑදෙන්නේය.එහෙත් ගැයීමේ ආසාවට තටු දෙන්න ඉදිරිපත් වන්නේ එහි එන සාගර පළන්සූරියගේ සහෝදරයා වන ජයවර්ධන පළන්සූරිය ය.


ඔහුගෙන් හසුනක් ගෙන ගුවන් විදුලියේ චිත්‍රානන්ද අබේසේකර හමු වී ලීලානන්ද ගැටවරයා තමන්ට ගී ගයන්නට නොහැකි බව සපත කර ගන්නේය.


“නෙල්සන් බලනවකො මෙයාට සිංදු කියන්න පුළුවන්ද කියලා”


චිත්‍රානන්දයන්ගේ ඉල්ලීම අනුව නෙල්සන් පනාගොඩ ශබ්දාගාරයකට කැටුව ගොස් පරීක්ෂණ කිහිපයක්ම කළ ද,සෝමපාලයන්ගෙන් ගැයූ ගීතවලට සාධාරණයක් ඉටු නොවිණි.එහෙත් ඔහු බැරි බව කියන අතරේම උනන්දුව සළකා එවකට තරුණ සංගිතවේදියෙක් වූ ප්‍රේමසිරි කේමදාස ළඟට යොමු කරන්නට තීරණය කරන්නේය.ඒ වෙනුවෙන් ලැබුණ ලිපියත් සමඟ කේමසදාසලේ සංගීත මංජරිය අසළ සෝමපාල ලීලානන්ද පෙනී හිටියේ කේමදාසයන් එන්නටත් පෙර හිමිදිරියේමය.


පැමිණි පසු ද පැය කිහිපයක් ඉවසා සිටින්නට ඔහුට සිඳු විය.කිදෙල්පිටියේ සමරවීර ජයතුංග සහ එඩ්වඩ් සෝමපාක පැමිණි පසු නැවත පරීක්ෂණයක් විය.එයින් ද සෝමපාලයන්ට ගයන්නට බැරි බව තහවුරු විණි.එහෙත් මේ උනන්දුකාර ගැටයාව ආපසු හරවා යවන්නට කේමදාසයන්ට සිත් නොවිණි.පසුව ඔහු තෝරා ගත් ඉංග්‍රසී මැන්ඩලිනය හැඬවීම හුරු වන්නට සිඳු විණි.පංති ගාස්තු ද සමඟ සියල්ලෙන් සෝමපාලයන් නිදහස් වන්නේ පසු දා වූ කතා බහේදී ඔහු සංගීත මංජරිය නවාතැන කර ගන්නට එකඟවීමෙන්ය.


මං ඉතිං කේමදාස මාස්ටර්ගේ මොකක් හරි නෑ කමක් තියෙන කෙනෙක් හැටියට තමයි හුඟ දෙනෙක් හිතුවෙ.හැම දේටම දුවන එතැන ඉන්න කෙනා නිසා.එක වෙලාවක කැලෑ මල් ගීත නාටකය කරද්දි ලොකු ප්‍රශ්නයක් ඇති කළා වාදක මණ්ඩලය.ගෙවමින් හිටි රුපියල් 40 තවත් 10 න් වැඩි කරන්නට කියා බොරැල්ල වයිඑම්බීඒ තිබුණු හවුස් ෆුල් ෂෝ එකක ඉන්ටවල් එකේදි ලෙඩේ ඇද්ද.ඒ ජේ.කරීම් එහෙම තමයි වාද්‍ය ශීල්පීන් හැටියට හිටියෙ.”


සෝමපාලයන් පවසන්නේ එයින් කේමදාසයන් මහක් සේ කිපුණ ද කරුණු පහදා දී ඒ මොහොතේ ඇතිවන තත්ත්වය පාලනය කර රුපියල් 40 වෙනුවට 50 ක් ගෙවූ බවය.


“ඊට පස්සෙ මාස්ටර් මට කතා කරලා කිව්වා මේ බමුණු මත බිඳින්න ඕනි,තමුසෙ ගිහිං බලනවා හේවුඩ් එකේ සංගීතය ඉගෙන ගන්න දක්ෂ අය කවුද කියලා කියලා.මට ඒ වෙලාවෙ තමයි මා එක්ක ගොඩක් වැඩ කරපු අතිජාත මිත්‍රයා සරත් දසනායක හම්බ වෙන්නෙ.වික්ටර් රත්නායක,නවරත්න අත්තනායක වගෙ අයත් එනවා.ඉස්සෙල්ලම මුණ ගැහුණෙ විජයරත්න රණතුංග.”


අතීතය ඔහු සිහියට නඟන්නේ උන්මාදයෙන් මෙන් ඒ මතක සමඟ ආදරයෙන් වෙළෙමින්ය.ඉනික්බිති එවතට හොරණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි සරත් දසනායක සංගීත මංජරියේ සෝමපාල ලීලානන්ද සමඟ ැාත්‍රිය ගෙවන අනෙකා බවට පත් විය.කැලෑමල් වාධ්‍ය වෘන්දයේ ද පෙළහාර පාමින් සිටි සරත් දසනායක පසු කලෙක අදටත් නොදන්නා හේතුවකින් එයින් පිටමං කරන්නට කේමදාසයන්ගෙන් නියෝගයක් ලැබී ඇත.එය කීමේ වගකීම සෝමපාලයන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පොතක ලියා තබා යන්නට කේමදාසයන් කටයුතු කර ඇත.ඒ වන විට සිනමාව සංගීත අධ්‍යක්ෂණයට ද පිවිස සිටි කේමදාස ගේ ප්‍රචාරව වැඩ ඔසවාගෙන ඒ මේ අත යන්නේ ද,විටෙක් වාද්‍ය වෘන්දයක අඩුව පුරවන්නේ ද සෝමපාල ලීලානන්දයන් බැවින් සරත් දසනායකද ද සිතුවේ ඔහු තමාව සංගීත මංජරියෙන් පිටමං කළ හේතුව දන්නවා කියාය.
එහෙත් සිඳු වූයේ සිය මිතුරා නවාතැනෙන් බැස ගිය සැණින් සෝමපාලද නික්ම යාමය.විවිහයෙන් පසුව මොඩල් ෆාම් හී නවාතැන් ගෙන සිටියදී එම නිවසේ ද නැවතී සිටින තරමට කේමදාසගේ කීකරු හිතවතා වූ සෝමපාල සරත් දසනායක පිටමං කිරීමේ අකීකරු තීරණයට එරෙහිව එළියට ආවේය.


“මොඩල් ෆාම් ඉද්දි මරු වැඩක් වුණා.”


ගෝල්ඨ ක්‍රීඩා පිටිය ආසන්නයේ,දේවි බාලිකාවට මදක් එපිටින් රේල් පාර ආසන්නයේ පිහිටි කේමදාසයන්ගේ නවාතැන එවකට ජනාකීර්ණ ප්‍රදේශයක් නොවිණි.ඒ නිසාම සොර සතුරු උවදුරු අතැ බවට පැතිරි ගිය ආරංචියකින් පසුව කේමදාසයන් කර ඇත්තේ ඇල්මිණියම් කුස්සි බඩු සමඟ හිරමණය ද දොරවල්වල එල්ලීමය.එහෙත් එල්ලූ මුල් දින කිහිපයේම ඒවා රාත්‍රියේ එකම වෙලාවකට මහ හඪින් බිම පතිත වන්නට විය.


මිනිස්සු අපි ඉන්නවට කැමති නැද්ද?”


මාස්ටර් එවැනි සැකයකින් යුක්තව සෝමේ අයියාව ප්‍රශ්න කර ඇත.එහෙත් ඊළඟ දවසේ නිදිවර්ජිතව සිටි සෝමේ අයියා හරිම හොරාව අල්ලා ගන්නේය.ඒ කෝච්චිය ය.ඒ මොහොතේ එතැනින් ගමන් කරන කෝච්චිය නිසා එල්ලා තිබෙන උපකරණ බිම වැටෙන්නේ කම්පනය නිසාය.
මේ අතර හදිසියේ නාවල ගෙදරට ගොඩ වී සිටියදී රාත්‍රියේ තුවක්කුවකුත් අතින් ගෙන ඇවිදින ඉහළ පංතියේ මිනිසෙකු සමඟ වන සංවාදයකදී සෝමේ අයියා දැන ගන්නේ ඔහු දවසේ බවය.කිසිම ගරු සරුවක් නැතුව සෝමේ අයියා ඒ මනුස්සයාව අමතමින් තමන් ද එහි ආතර් යූ අමරසේව හමුවන්නට එන බව කියන්නේ තමන් දන්නා ආතර් මොහුට වඩා ලොක්කෙක් මට්ටමේ තබාගෙන උජාරුවෙන්ය.


පසුව දවසට ගොඩ වූ විට ආතර්ගෙන් විස්තර අසා දැන ගනිද්දී ජයසිංහ යනු හර්බට් ජයසිංහ බවත් ඔහු දැන්වීම් අංශයේ ප්‍රධානියා බවත් සෝමේට දැන ගන්නට ලැබුණේය.ඔහු මේ කටකාර යෞවනයා තුළ තිබුණු බස් වහරේ රහ නිසා ද ඔහු ඩී.එම් ධනපාල නම් පුවත්පත් කලාවේ දැවන්තයාට රැකියාවක් සඳහා ඔහුව යොමු කරන්නේය.ඔහු ලේඛණයට වගේම දැන්වීම් අංශයේ දැන්වීම් නිර්මාණශිලීව ලිවිමට ද එළැඹෙන්නේය


සුනිල් මිහිඳුකුල වරෙක සෝමපාල ලීලානන්දව හඳුන්වා ඇත්තේ විශ්ව විද්‍යාල තුනක උගත් අයෙක් ලෙසය.
“සංගීත මංජරියෙන් ඉගෙන ගත්තු සංගීත ඥාණය වගේම මහා සමාජයක් ඇසුරු කරන්නට ඇරඹීමත් එක විශ්ව විද්‍යාලයක්.එ් වගෙම සුනිල් කියන්නෙ මගේ දෙබස් වල තිබුණු යථාර්තය මරදාන මරියකඩේ ජීවත්වීමෙන් ලද අත්දැකීම් සමඟ ගත්තු බවය.ඒ නිසා දෙවන විශ්ව විද්‍යාලය වුණේ මරිය කඩේ.තුන තමයි දවස පත්තරේ”


මේ අත්දඅකීම් සමඟ කතා කරන සෝමපාලයන්ගේ මතකය දිව යන්නේ සරත් දසනායකගේ පළමුව සංගීත අධ්‍යක්ෂණයට සම්බන්ධ වූ චිත්‍රපටයට ඔහුව සම්බන්ධ කර දෙන්න සෝමපාලයන් වූ පොරොන්දුවය.


“මනුස්සයගේනවා කියලා පොරොන්දු වුණාට හොයාගන්න නැහැ.අනුරාධපුර පැත්තෙ ටීචින් කරනවා කියලා ආරංචියක් තිබුණා.හොය හොය ඉද්දි ඩබල් ඩෙකර් එකක යද්දි මං දැක්කා ලිප්ටන් වටරවුම ළඟින් මරදානට පැත්තට යන සරත්ව.මං බස් එකෙන් පැනලා පස්සෙන් ගියා.කතා කරාට හොඳක් නැහැ.අන්තිමට පෙරැත්ත කරලා සයිකල් බසාර් එක ළඟ වත්තෙ දි එකඟ වුණා.කොන්දේසියක් එක්ක.ඒ රෑ 8 ට මෙතන එයා ඉන්න ඕනි කියන කොන්දේසිය”


ඉනික්බිති රාජගිරිය ඉම්පාලා එකේ දී සිඳු වූ ඒ ගැන කතා බහ අවසානයේ බීර උගුරක්වත් කොල නොගා සරත් දසනායක එතනින් පිටත් විය.ඊට හේතුව සෝමපාලයන් දැන ගන්නේ ද බීරවිතක් තොල ගාන අතරේමය.


එදා ඈතින් ඈතට මං ලියපු කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා සිංදුවට හොඳම චිත්‍රපටි සංගීයට සරත් සම්මාන ගත්තු දවස.එකෙ කිව්වටත් සම්මාන ලැබුණා.ලියපු මට නැහැ.අපි ඒක සමරන්න හීනියට බියර් එකක් තොල ගාද්දි සරත් කිව්වෙ එදා 8 ට දුවලා ආවෙ මාව අමාරුවෙ වැටෙවි කියලා බයට බවය.”


ඔහු මිත්‍රයෙක්ට පවසා තිබුණේ රූ 8 ට නාවොත් සෝමපාල ලීලානන්ද සැක කර පොලිසියේ පැමිණිල්ලක දමන ලෙසය.ඊට හේතුව කේමදාසයන් සහ මා එක් වී ඔහු පැහැර ගනීවිය යනුවෙන් අනියත බියක් ඔහුගේ හිත තුළ තිබීමය.මෙවැනි රස කතා රසාලිප්ත තිර රචන මෙන්ම ගී පද රචනා පසුබිමේ ද කොතෙකුත්ය.ඒවා සිනමා පටයකටත් වඩා දිගට කතා කළ හැකි චිත්ත රූප මැවෙනාකාරයෙන් කෙපළන්න සෝමාපාල ලීලානන්ද දන්නේය.ඒ ඔහුගේ කතා කීමේ කලාවේ ගුණය ය.


මේ සියල්ල මතකාවර්ජනයක් සේ අකුරවල ගෙත්තම් කර තබන්නට හේතුවක් ඇත.මේ සොඳුරු ගේය පද රචකයාගේ තිර රචනාවන්ගෙන් සහ ගේය පද රචනයෙන් පොහොසත් වුණ සිනමා සිත්තම් තුනක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරි පිට තිබෙන සුදර්ශි බිමේදී ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන්නට කටයුතු කර ඇත.සෝමේ අයියා සුදර්ශියටත්,ඒ වෙනුවෙන් මුල් වූ සමන්ප්‍රිය මාරසිංහ සහ අජන්ත අලහකෝන්ට ත් ආදරය දනවන වචනවලින් ස්තූති කරන්නේ එබැවින්ය.එයට ගැලපෙනම නමක් ඔවුන් තෝරාගෙන ඇත.ඒ යෞවන උයනේ ය.සොමෝ අයියාගේ ආදරබර ගී පද අදටත් වයස නැත.තරුණය.ඒ තරුණ පද ගෙතූ ඔහුගේ දායකත්වය ලද සිනමා කෘති තුන ප්‍රදර්ශනයට යෞවන උයනේ නම් තබා ඇත්තේ ද ඔහු විසින් රචිත ගීතයක් සිහිපත් කරන්නටම පමණක් නොවේය.ඔහුගේ ගීපදවලින් වෑහෙන යොවුන් ආදරයේ සුවඳ ද පදනම් කරගෙනය.


පෙබරවාරි 21 වන දින සුදර්ශි බිමේ දිග හැරෙන ඒ සිනමා පට ඔබට විඳින්නට හැකි වේලාවන් පහත දකවන්නෙමු.මේ ආදරණිය මිනිසා ඒ දවසම ඔබව දකින්නට එහි සිටිනු ඇත.සිනමා නිර්මාණ මෙන්ම ඔහුව මුණ ගැසෙන්නටත් අපි ඔබට ආදරයෙන් ඇරයුම් කරන්නෙමු.
නිල්ල සොයා -උදැසන 10.30
සදහටම ඔබ මගේ – සවස 2.30
චණ්ඩි පුතා – සවස 6.30
නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan