ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !

Date:

පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද (27) දිනයේ පුවත්පත් කර්තෘවරුන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රායෝගික නොවන පුද්ගලයින් සමග කටයුතු කිරීම නිසා තමන්ට ගැටලුකාරී තත්වයන්ට මුහුණ පෑමට සිදුවූ බවත් ඉදිරියේදී එය නිවැරදි කරගන්නා බවත්ය. එය, පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව තහවුරු කරන්නක් වශයෙන් සැලකිය හැකිය.

ජනාධිපති ලේකම් ධුරයට පත්වීමට නියමිත ගාමිණී සේදර සෙනරත් මහතා යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි හසල අත්දැකීම් ඇති විශිෂ්ඨ පළමු පෙළ නිලධාරියෙකි. කැළණිය විශ්ව විද්‍යාලයේ සිය පළමු උපාධිය හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇත්තේ 1984 වර්ෂයේදී ය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇති ඔහු විදේශ අධ්‍යන පාඨමාලා රැසක් ද හදාරා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරණ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා 2019 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

ගාමිණී සෙනරත් මහතාව ජනාධිපති ලේකම් තනතුරට යෝජනා වී ඇත්තේ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යන තිදෙනා සමගම සම්බන්ධීකරණය වෙමින් එම කාර්යය මනා ලෙස ඉටුකිරීමට ඇති විශේෂ හැකියාව නිසා බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ මහතාගෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් තනතුර සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. එම්. අනුර දිසානායක මහතාව පත්කිරීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...

2028 ණය ගෙවන්න නම් ආර්ථිකයේ ගැඹුරු පරිවර්තනාත්මක වෙනසක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ...

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...