*
Saturday, February 22, 2025
spot_img

Latest Posts

ඇමෙරිකන් මහින්ද දිගටම එහි රැදවීම නිවැරදිද.?

(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

වසර 03 ට ඔහු රටට ගෙනා ප්‍රතිලාභ තිබේද..?

“ඇමෙරිකන් මහින්දගේ කපන්න බැරි අත සිඔීම” යනුවෙන් පසුගියදා ඉරිදා ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක අපූරු ලිපියක් පළවී තිබිණ. නව ආණ්ඩුව යටතේ විදේශ සේවය ගැන එම ලිපියෙන් වටිනා තොරතුරු රැසක් එළිදක්වා තිබිණ. ගෝටභයගෙන් පසු රනිල් ජනපති වනවිට මහින්ද සමරසිංහ වොෂින්ටන් නොපැමිණ පාර්ලිමේන්තුවේම  සිටියා නම් අනිවාර්යෙන්ම විදේශ ඇමති අලිසබ්‍රි නොව ඔහු වන්නටතිබූ ඉඩකඩ ඉතා වැඩිය. එහෙත් ඇමෙරිකාවේ තානාපති ලෙස ඔහු රටට කළ කී දේ බොහෝය.

මාළිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ තම රජයක් යටතේ විදේශ සේවයට දේශපාලන පත්වීම්  නොකරන බවය. එම පදනම නිසාදෝ ජනපති අනුර පත්වු වහාම ලොවපුරා පත්කොට තිබූ දේශපාලන පත්වීම් හා එම ඥාතීන් වහාම යළි කැඳවින. ඒ අතර තානාපතිවරු 16 ක් ඩිප්ලොමැටික් නිළධාඑීන් ඇතුළු සෙසු නිළධාරීන් හා පහළ ශ්‍රේනියේ 50 කට අධික සංඛාවක් විය. 800 ක් පමණ වන විදේශ සේවයේ එවැනි පත්වීම් තිබුණේ එවැනි සුළු සංඛ්‍යාවක් වුවද තම ප්‍රතිපත්තිය සනාථ කරමින් ඉන් බහුතරයක් කැදවීමට ක්‍රියා කෙරින. එහෙත් ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඹිස්ට්‍රෙලියාව කැනඩාව ප්‍රංශය වැනි ඉහළම රටවල සිටි කිසිවෙක් යළි සියරට ආවේ නැති තරම්ය. ඒ තුළ ඔවුන්ට පහර ගැසීමේ අරමුණෙන් එම  තීන්දුව ගත්තා නම් එහි සැබෑ අරමුණු ඉටු නොවු බව පැහැදිලිය.

එම තානාපතිවරු හා නිළධාරීන් සදහා වු ඇබෑර්තු පියවීමේ දී ගැටලුකාරී පසුබිමක් එළි දුටුවේය. එනම් දේශපාලන පත්වීම් නොකරන බවට ප්‍රතිඥා දී තිබුණද එවැනි පත්වීම් රැසක් සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියාකිරීමය. යුරෝපයේ ප්‍රබලම රටක ඉහළම පුටුව එරට වතු සේවකයෙකුට පවරා ඇති බවටද පුවතක් පැතිරින.

එහිදී වඩාත් පුදුමාකාර තීන්දුව වන්නේ එම රටවල පුරවැසියන්ගෙන් සෙසු ඇබෑර්තු පුරවන ලෙස දැනුම්දී තිබීමය. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට පඩිගෙවන පොහොසත් රටක් බවට ලංකාව පත්කළ තීන්දුවකට ආණ්ඩුව පැමිණීමය. එහිදී සිදුවන ඛේදචාචකය වන්නේ එවැනි අයට ගෙවන වැටුප් වලින් එක ඩොලරයක් හෝ පවුමක් යළි ලංකාවට නොපැමිණීමය. ලංකාවෙන් ගිය අය තම වැටුපෙන් අතිබහුතරයක් යළි ලංකාවට එවීම නතරවූයේ ආණ්ඩුවේ එම විකාරරූපී තීන්දුව මතය.

බොහෝ රටවල සිටි තානාපතිවරු යළි කැදවුවද ඇමෙරිකාන් මහින්ද එතනම තැබීමට තීන්දු කිරීම කාගේත් පැසසුමට ලක්ව තිබේ. ඇමෙරිකාවේ ජනපති හා ධවල මන්දිරය, කැපිටල් හි සෙනෙට් හා කොංග්‍රස් මණ්ඩල ලෝක බැංකුව IMF පෙන්ටගන් ආදී සියලු පිරිස් සමග ඇමෙරිකන් මහින්ද ගොඩනගා තිබෙන දැඩි සබදතාව ලංකාවට විශාල වාසි ගෙනා බව නොරහසකි. ලංකාව පොහොර අරබුදයෙන් අනාථවී ගොවීන් මහපාරේ උද්ගෝෂණ කරද්දී රු කෝටි 1600ක නොමිලේ පොහොර ලංකාවට ලබා දුන්නේ ඇමෙරිකන් මහින්දගේ මැදිහත්වීමෙනි. දැඩි ඹෟෂධ හිගයක් පැවති සමයේ ඩො මිලියන 55 ක (රු කෝටි 1700) නොමිලේ බෙහෙත් ප්‍රවාහන වියදම් පවා ඇමෙරිකාවෙන් ලබාගෙන ලාංකික රෝගීන් සුවපත් කරන්නට දැගලුවේ ද ඇමෙරිකන් මහින්ද ය. IMF වැඩේ කරට ගෙන එය වොෂින්ටන් සිට මෙහෙයවූයේ ද ඔහු බව කිව යුතු නොවේ. වොෂින්ටන් තානාපති කාර්යාලයේ දැඩි එකමුතුවක් තනා උත්සව වලට බොහෝවිට ආණ්ඩුවෙන් මුදල් නොගෙන කටයුතු කිරීම ඇරඔුවේ ද මහින්ද ය.

බොහෝ තානාපතිලා හා නිළධාරීන් තමන්ගේ වැඩක් හෝ බිස්නස් එකක් බලාගෙන සිටින අය වෙති. වොෂින්ටන් ඩී සී හි වයිමිං ඇවනිව් හි තානාපති කාර්යාලය වෙනුවට වයිට්හෙවන් ඇවනිව් හි තානාපති කාර්යාලය මිලට ගෙන ඩොලර් ලක්ෂ තුනහමාරක් (රු කෝටි 12 ක්) මාටියා ගැසූ තානාපතිවරු ද සිටියේය. එහෙත් මහින්දට දේශපාලකයෙකු හෝ තානාපතිවරයෙකු ලෙස එවැනි චෝදනා නැත.

ඔිස්ටෙුලියාවේ ලාට්‍රෝබ් වෙතින් ආර්ථික ක්ෂ්‍රේත්‍රයට අදාළ ඉහළම අධ්‍යාපනයක් ලබා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙස මහින්ද විදේශ සේවයට එක්වූයේ 80 දශකයේ  මුලය. එම සාර්ථකත්වය මත ජිනීවා හි සිටි ජයන්ත ධනපාලගේ දෙවැනියා ලෙස කදිරගාමර්ලා සමග ද මහින්ද කටයුතු කළේය. 83 කළු ජූලිය වැනසුන රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ රැක්කේ ධනපාලලා මහින්දලා කදිරගාමර්ලාය. ඔහු දේශපාලනයට ආවේ අනතුරුවය. කළුතර දිසාවේ වතු ජනතාවගේ සුබ සාධනය හා මානව හිමිකම් රැකීම ඔහුගේ ඉලක්කය විය. පළාත් සභා වලට දිසාවේ වැඩිම මනාප ලාභියා වෙමින් පත්ව මහ ආණ්ඩුවේ බලය පළාත් සභා වලට පවරා ගැනීමේ පළමු ප්‍රඥප්තිය ගෙනාවේද මහින්දය. ඒ ජනපති ප්‍රේමදාසගේ උදහස මැදය.ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පිහිටවීමට පදනම සකසා එහි මුල්ම ඇමතිවී සුනාමි ව්‍යසනයෙන් රටට අති දැවැන්ත ජාත්‍යන්තර අරමුදල් ගෙනාවේ හා ඒවා හරහා දැවැන්ත කටයුතු කරන්නට ද මහින්ද මුලික විය.විදෙස් ආධාර ගෙන සුනාමි සංඥා කණු රටවටා පිහිටවුයේ ද මහින්දය.

ජිනිවා මානව හිමිකම් කමිටුවේ ප්‍රධානියා ලෙස ලොව රටවල් 168 ක ඡන්දයෙන් පත් වු මහින්ද මැලේසියාවේ වත්මන් අගමැති අන්වර් සිරගත කල අවස්ථාවේ දී මියන්මාරයේ සුකී හා පකිස්ථානයේ බෙනාසීර්ගේ සැමියා දේශපාලනය මත සිරගත කළවිට ඊට මැදිහත් විය. නැගෙනහිර ටිමෝරය මොංගෝලියාව බෙලරුස් ආජෙන්ටිනා කොලොම්බියා ලෙබනන් ආදී ලොව පුරා ගැටලු රැසකට අතපොවා යුක්තිය වෙනුවෙන් මහින්ද කළ කී දෑ බොහෝය.තවද කොටි නසන යුද්ධයේදී ජිනීවා හා නිව්යෝර්ක් වල ලංකාවට එරෙහිව පැමිණි දැවැන්ත බලපෑම් සමතුලිත කර යුද්ධය අඛණ්ඩව ජයග්‍රහණය දක්වා ගෙන යාමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කිරීමේ මෙහෙයුම ද මහින්ද රට වෙනුවෙන් ඉටු කළේය. ජිනීවා හිදී ලංකාවට එරෙහිව ආ යෝජනා රැසක් පරදා රටට ජය ගෙනඒමේ මූලිකයා ලෙස ද මහින්ද බොහෝ දේ ඉටුකළ පසුබිමක ඔහු වොෂින්ටනයේ දිගටම තැබීමට නව ආණ්ඩුව ගෙන ඇත්තේ අතිශය නිවැරදි තීන්දුවකි. ඇමෙරිකන් මහින්ද විසින්ම එම තීන්දුව නිවැරදි බවට  ක්‍රියාවෙන්ම සනාථ කරනු ඒකාන්තය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan