බ්‍රසීලයේ සාඕ පවුලෝහි ගංවතුර හේතුවෙන් 24 දෙනෙකු මිය යයි; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

පවතින ධාරානිපාත වර්ෂාව‌ නිසා වන නායයෑම් හා ගංවතුර හේතුවෙන් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ 24 දෙනෙකු මිය ගොස් සිය ගණනක් නිවාස නොමැතිව අවතැන්ව ඇති බව වාර්තා වේ.

මේත් සමඟ සාඕ පවුලෝහි ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcisio de Freitas වෙරළ තීරයේ නගර පහක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ රජය පැවසුවේ පුද්ගලයන් 566 දෙනෙකු අවතැන් වී හෝ නිවාස අහිමි වී ඇති බවයි. නගරයේ තත්වය අතිශයින්ම තීරණාත්මක බව පැවසූ නගරාධිපතිවරයා පරිහානියේ තත්වය තවම තක්සේරු කර නොමැති බවත්, මේ වන විට අවතැන් වූවන් බේරාගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරන බවත් මාධ්‍ය වෙත නිවේදනය කර තිබිණි.

මේ වන විට ගිණි නිවන බටයන් 100ක පමණ ප්‍රමාණයක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වන අතර බ්‍රසීලයේ කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ, සාඕ පවුලෝහි වෙරළබඩ ප්‍රදේශයේ අධික වර්ෂාව ඉදිරියටද පවතිනු ඇති හෙයින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ප්‍රකාශ කර තිබුණේ තමා විපතට පත් ප්‍රදේශවල සංචාරය කරන බවත්, තුවාල වූවන් රැකබලා ගැනීමට, අතුරුදහන් වූවන් සෙවීමට සහ මාර්ග, බලශක්ති සහ විදුලි සංදේශ යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...