බ්‍රසීලයේ සාඕ පවුලෝහි ගංවතුර හේතුවෙන් 24 දෙනෙකු මිය යයි; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

පවතින ධාරානිපාත වර්ෂාව‌ නිසා වන නායයෑම් හා ගංවතුර හේතුවෙන් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ 24 දෙනෙකු මිය ගොස් සිය ගණනක් නිවාස නොමැතිව අවතැන්ව ඇති බව වාර්තා වේ.

මේත් සමඟ සාඕ පවුලෝහි ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcisio de Freitas වෙරළ තීරයේ නගර පහක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ රජය පැවසුවේ පුද්ගලයන් 566 දෙනෙකු අවතැන් වී හෝ නිවාස අහිමි වී ඇති බවයි. නගරයේ තත්වය අතිශයින්ම තීරණාත්මක බව පැවසූ නගරාධිපතිවරයා පරිහානියේ තත්වය තවම තක්සේරු කර නොමැති බවත්, මේ වන විට අවතැන් වූවන් බේරාගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරන බවත් මාධ්‍ය වෙත නිවේදනය කර තිබිණි.

මේ වන විට ගිණි නිවන බටයන් 100ක පමණ ප්‍රමාණයක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වන අතර බ්‍රසීලයේ කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ, සාඕ පවුලෝහි වෙරළබඩ ප්‍රදේශයේ අධික වර්ෂාව ඉදිරියටද පවතිනු ඇති හෙයින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ප්‍රකාශ කර තිබුණේ තමා විපතට පත් ප්‍රදේශවල සංචාරය කරන බවත්, තුවාල වූවන් රැකබලා ගැනීමට, අතුරුදහන් වූවන් සෙවීමට සහ මාර්ග, බලශක්ති සහ විදුලි සංදේශ යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...