පුංචි ඡන්දයේ පෙත්සම කලින් කැඳවීමට වුවමනා නෑ – පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම මෝසමක් මාර්ගයෙන් කඩිනමින් කැඳවීමට අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දී තිබේ.

පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතව තිබුණු මෙම පෙත්සම මෝසමක් මගින් කඩිනමින් කැඳවීමට ඉල්ලා සිටියේ පෙබරවාරි 22, 23, 24 යන දිනයන්හි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණු නිසා බවත් මේ වනවිට එම තැපැල් ඡන්ද විමසීම කල්දමා ඇති බැවින් පෙත්සම කලින් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, පෙත්සම පෙර නියම කළ පරිදි 23 වනදාම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...