සැබැවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට නොදරුවන් මෙන් හැසිරෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
“ඇත්තටම පාස්කු ප්‍රහාරය එල්ල කරපු අය හරියට දැන් තොත්ත බබාලා වගේ හැසිරෙන්නෙ. අහිංසක ජීවිත ලේ විලක් මත මැරී වැටෙනකොට ඇහැක් ඇරලා බලපු නැති නිවට නියාලු නායකයො නැවත සිංහ හමවල් පොරවාගෙන මේ රට තුළ දේශපාලනය කරන්න හදනවා නම් ජනතාව ඉතාමත්ම හොඳ තීන්දුවක් ලබාදෙයි. ඒකට වැඩි කාලයක් නෑ, බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ කටයුතු කරයි”
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
RN