අද හෝ හෙට පෙට්‍රල් රු. 20කින් ඩීසල් රු. 22කින් වැඩිවෙනවා – අශෝක්ගෙන් අනාවැකියක් !

Date:

අද හෝ හෙට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කිනුත් ඩීසල් ලීටරයක මිල රුපියල් 22කිනුත් ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

“මං අනාවැකියක් කියන්නම්, අද හෝ හෙට පෙට්‍රල් රුපියල් 20කින් ඩීසල් රුපියල් 22කින් වැඩිවෙනවා. අද රෑට වැඩිවෙන්නත් පුළුවන්.

ඉස්සර පෙට්‍රල් රුපියල් 2කින් වැඩිවුණාම කට්ටිය බයිසිකල්වල ගියා මතකද පාර්ලිමේන්තුවට ? දැන් මාස ගාණකින් රුපියල් 20කින් වැඩිවුණා. දැන් ආයෙ 20කින් වැඩිවෙනවා.

ඊයෙ ගම්මන්පිල කියනවා ‘දැන් මට කරන්න දෙයක් නෑ, ලෝකෙ අඩුම රට අපේ රට, මහබැංකුව කියනවා මට ඩොලර් දෙන්න බෑ කියලා තෙල් ගේන්න, රුපියලුත් නෑ, ඒක හින්දා තව මාස එකහමාරකට වැඩිය මේක දුවන්න බෑ’ කියලා අඬනවා. හැබැයි අඬන්නෙත් හිනාවෙවී. කාගෙද වැරැද්ද ? අපේද ?? ආවෙ සෞභාග්‍ය උදාකරනවා කියලානෙ ? මේකද සෞභාග්‍යයේ දැක්ම ?”

අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති සමගි ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...