ශ්‍රී ලංකාවේ සේවය කිරීමට ලැබීම ගෞරවයක් – ඇමරිකානු නව තානාපති

Date:

තානාපති සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබීම මහත් ගෞරවයක් බව මෙරට නව ඇමරිකානු තානාපතිනිය පවසනවා. ඇය ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්ක්ස් මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

මෙරට ඇමරිකානු තානාපතිවරිය ලෙස පත්කර තිබෙන්නේ ජූලි ජේ චන්ග් මහත්මියයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් හසළ අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් දෙරට අතර මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය රාජ්‍ය ලේකම්වරයා සමග පවසා තිබෙනවා. රජය සමග මෙන්ම සිවිල් සමාජය සමගද මිත්‍රශීලීව කටයුතු කිරීමට ඇය බලාපොරොත්තුවෙන් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...