රාජ්‍ය බැංකුවලින් තෙල් සංස්ථාවට ණය දීම අත්හිටුවලා – ගම්මන්පිල

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකු සඳහා ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 74,000 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා එම බැංකුවලින් තවදුරටත් තෙල් සංස්ථාවට ණය ලබා නොදීමට තීරණය කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

තෙල් සංස්ථාව මෙවැනි දැවැන්ත ණය කන්දකට යට වී තිබෙන්නේ රාජ්‍ය ආයතන වෙත දිගින් දිගටම ණයට තෙල් ලබාදීම නිසා බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ වෙනත් ආයතන හේතුවෙන් තෙල් සංස්ථාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 8000 ක් ලැබීමට තිබෙන අතර මීට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත රුපියල් කෝටි 6300 ක් වටිනා ඉන්ධන ණයට ලබා දී තිබෙනවා.

මෙම තත්වය මත ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත තවදුරටත් ණයට තෙල් ලබාදීම සිදු නොකරන බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...