රාජ්‍ය බැංකුවලින් තෙල් සංස්ථාවට ණය දීම අත්හිටුවලා – ගම්මන්පිල

Date:

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකු සඳහා ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 74,000 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා එම බැංකුවලින් තවදුරටත් තෙල් සංස්ථාවට ණය ලබා නොදීමට තීරණය කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

තෙල් සංස්ථාව මෙවැනි දැවැන්ත ණය කන්දකට යට වී තිබෙන්නේ රාජ්‍ය ආයතන වෙත දිගින් දිගටම ණයට තෙල් ලබාදීම නිසා බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ වෙනත් ආයතන හේතුවෙන් තෙල් සංස්ථාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 8000 ක් ලැබීමට තිබෙන අතර මීට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත රුපියල් කෝටි 6300 ක් වටිනා ඉන්ධන ණයට ලබා දී තිබෙනවා.

මෙම තත්වය මත ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත තවදුරටත් ණයට තෙල් ලබාදීම සිදු නොකරන බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...