ආණ්ඩුවෙන් එළියට බැහැලා නන්නත්තාර වෙන්න බෑ – නිමල් සිරිපාල

Date:

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර එකඟතා හා ගිවිසුම් ඇතිකර ගත් නමුත් බලයට පත්වීමෙන් පසුව පොදුජන පෙරමුණ බොහෝ එකඟතා කඩකළ බවත් පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මැතිවරණවලදී ශ්‍රීලනිපය සිදුකළ සේවයට, කැපකිරීම්වලට සාධාරණ සැළකිල්ලක් නොලැබුණු බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව පවසමින් ශ්‍රීලනිපයේ බොහෝදෙනා සජිත් සමග එකතුවීමට යෝජනා කළ නමුත් තමාගේ මැදිහත්වීමෙන් පක්ෂය පොදුජන පෙරමුණට එක් වූ බවයි. ශ්‍රීලනිපයට දේශපාලනමය වශයෙන් සමීප වන්නේ පොදුජන පෙරමුණ බැවින් ඔවුන් සමග එක්විය යුතු බවට තමා පක්ෂයට යෝජනා කළ බවත් බහුතරයේ මතය ඒ සඳහා ලබා ගැනීමට දැඩි මහන්සියක් දැරීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ආණ්ඩුවෙන් එළියට බැසීම සඳහා බොහෝදෙනා යෝජනා කරන නමුත් එළියට බැස සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකුටත් අදහස් නොමැති බවත්, ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් එළියට ගොස් ජනතා විමුක්ති පෙරමුණ සමග බෝඩ් අල්ලාගෙන සිටීමට නොහැකි බවත් නිමල් සිරිපාල මහතා වැඩිදුරටත් පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ යනු ආකර්ශනීය සටන් පාඨ පමණක් තිබෙන ජනතා බලයක් නොමැති පක්ෂයක් ලෙසද ඔහු පෙන්වා දෙනවා. එවැනි පක්ෂයකට එක්ව රටක් පාලනය කළ හැකි යැයි විස්වාස කළ නොමැති බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ නිසා ආණ්ඩුව තුළ සිටිමින්ම පක්ෂය ශක්තිමත් කිරීම මේ අවස්ථාවේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...