*
Friday, September 20, 2024
spot_img

Latest Posts

හෙට දවසට එන්න පරිස්සමෙන් පාවඩ එලන්න

ජාතික ක්‍රිකට් ලීගය නිමාවට පත් වුණේ ජැෆ්නා කණ්ඩායමට සූරතාවය හිමිකර දෙමින්ය.අනු සූරතාවය කැණ්ඩි කණ්ඩායමට හිමි විය.

තරගාවලිය නිමාවේ කණ්ඩායම් දෙකට මුදල් සහ කුසලාන බෙදා දීමට වඩා විශාල වටිනාකමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉතුරු විය.නමුත් මහා වත්කම් ගිණුම්වල තැන්පත් වූ පමණින් යමෙකුට අනාගතයේදී සාර්ථක ධනවතෙක් වන්නට නොහැකිය.එය තීරණය වන්නේ ගිණුම කළමනාකරණය කරමින් දැක්මක් සැළසුමක් ඇතිව භාවිතා කරන ආකාරය අනුවය.

ජාතික ක්‍රිකට් ලීගය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා හිමි වූ වටිනාකම් සම්බන්ධයෙන් ද,අනාගතයේ තෘප්තිමත් විය හැක්කේ ඒවා දැක්මක් සහ සැළසුමක් ඇතිව කළමනාකරණය කරන ආකාරය අනුවය.ශ්‍රී ලංකා ක්‍රිකට් ද මේ තරගාවලියේ දුටු ඊළඟ පියවරේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගත වටිනාකම් ඒ ආකාරයට කළමනාකරණය කළ යුතුය .

ජැෆ්නා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩිම දායකත්වය සපයමින් ලකුණු 74 එක් කළ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ අවසාන තරගයේ වීරයා විය.මේ මොහොතේ ලෝකයේම අවධානය දිනා ගත් මේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයාගේ තරු ගුණය වඩාත් දීප්තිමත් කිරීම සහ කළමනාකරණය කිරීම පරිස්සම් සහගත වැඩකි.අවුරුදු 15 න් පහළ සිට නායකත්වයට නම් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවැරදිව ජීවිතය කලමනාකරණය නොකළ නිසා කුසල් මෙණ්ඩිස් වැනි ක්‍රීඩකයන්ට මුහුණ දෙන්නට සිඳු වූ අවාසනාවන්ත අවස්ථා ඊට උදාහරණය.

ඒ වගේම ජාතික ක්‍රිකට් ලීගයේ හොඳම පිතිකරු වූයේ නුවනිඳු ප්‍රනාන්දු ය.හොඳම පන්දු යවන්නා වූයේ පුලින තරංගය.ඔවුන් දෙදෙනා පමණක් නොව කමිඳු මෙණ්ඩිස් නායකත්වයේ පීඩනය කළමනාකරණය කර ගනිමින් කැණ්ඩි කණ්ඩායමට අනු සූරතාවය දිනා දීම සඳහා පන්දුවට පහර දුන් අයුරුත් අපූරුය.

මේ සියල්ල සළකා බලද්දී අනාගතය යහපත්ය.ඔවුන්ට රැළි කුණාටු මැඩ ශක්තිමත්ව පෙරට යන්නට දුර දක්නා නුවණින් සැළසුම් සකස් කරන පරිපාලනයක සහය අවශ්‍යයව ඇත.ක්‍රීඩක දක්ෂතා තරමටම පරිපාලනයේ නිසි දැක්ම සහිත සහයෝගයද සාර්ථකත්වයේ සම කොටස් බව හැදිණ කටයුතු කිරීම වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan