කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Date:

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කර තිබේ.

ඇමරිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගිවිසුම්ගත පාර්ශ්වයට නොගෙවා වෙනත් පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට සහ 2014 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට එරෙහිව තීනියාවල පාලිත හිමියන් ගොනුකර ඇති නඩුවකට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා තමන්ට විදෙස්ගත වීමට අවශ්‍ය හෙයින් මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඊයේ දිනයේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් මිලියන 100ක ශරීර ඇපයක් මත එම විදෙස් ගමන් තහනම මාර්තු 02 වනදා දක්වා අත්හිටුවීමට නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...