මීළඟ ජනාධිපතිවරණයෙන් නියත ජනපති අනුර බව දැන් මුළු ලෝකයම පිළිඅරන් ඉවරයි – NPP නාමල්

මීළඟ ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව මේ වනවිට මුළු ලෝකයම පිළිගෙන ඇතැයි එම පක්ෂයේ ජාතික විධායක සභික, නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ලබන ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය තියන්න ඕනෙ. අන්න ඒ ජනාධිපතිවරණයෙන් මේ රටේ අනිවාර්යය නියත ජනාධිපති අනුර දිසානායක සහෝදරයා කියන එක මුළු රටම, ලෝකෙම අද පිළිඅරගෙන ඉවරයි. මෙන්න අද ආවා අපිට අලුත්ම සමීක්ෂණ වාර්තාව. මේ ඇවිල්ලා අපේ අනිල් කේ. සේනාධීර ගුරුතුමා ඇතුළු කණ්ඩායමක් කරපු සමීක්ෂණයක් මේ. මේ සියලුම සමීක්ෂණ වාර්තාවලින් මාලිමාව උඩම හිනිපෙත්තේ තියෙන බව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (18) පැවති ජාජබ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...