*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/20

  1. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඛු දොන්ගියු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙයි: මෙරට ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ රටට ලබා දුන් නායකත්වය පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැසසුමට ලක්වෙයි: ශ්‍රී ලංකාවට ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අඛණ්ඩ සහාය හිමිවන බව පවසයි: රට තුළ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කරයි.
  2. බංකොලොත් වූ රටක ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතුකරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළඹීමට ආණ්ඩුව අසමත් වූ බව පෙන්වා දෙයි: රටේ ජනතාව වෙනුවට පොහොසතුන් සතුටු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට ද චෝදනා කරයි: මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සහ ත්‍රස්ත විරෝධී පනත යොදාගනු ලබන්නේ ජනතාවගේ නිදහස සීමා කරන සහ සත්‍යය දැන ගැනීම සඳහා ඔවුනට තිබෙන අයිතිය ඇහිරීමට බව ද පවසයි.
  3. කීර්තිමත් ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාධරයකු වන නීතීඥ එස්.ජී පුංචිහේවා තම වසර 65 ක් පැරණි පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කරයි: ජාතික ජන බලවේගය යනු මෙරට දේශපාලනය තුළ බිහිවූ විශිෂ්ඨ බලවේගයක් බව ද අවධාරණය කරයි.
  4. ත්‍රස්ත විරෝධී පනතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුවක් ලබා දෙමින්, එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි: 62/1 ව්‍යවස්ථාව අනුව විශේෂ බහුතර ඡන්දයක් සහ අනුමැතිය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසයි: නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
  5. ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක: සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත ය: මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වීමට ද නියමිතය.
  6. ගුරු පුහුණුව සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව, ඩිජිටල් අධ්‍යාපන නියමු ව්‍යාපෘතියක් 2024 මාර්තු මස දියත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිවේදනය කරයි.
  7. ජන සංහාරය වැනි යුධ අපරාධ චෝදනා හමුවේ ශ්‍රී ලංකාවට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර යුධ අධිකරණය, මැග්නිට්ස්කි සම්බාධක වැනි ජාත්‍යන්තර ක්‍රමවේදවලට අවතීරණවන බවට කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක පියරේ පොයිලියර් (Pierre Poilievre) විසින් ලබා දුන් ප්‍රතිඥාව ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊලාම් (TGTE) සංවිධානයේ ප්‍රශංසාවට ලක්වෙයි: කැනේඩියානු සාරධර්ම සමඟ, එක්සත් ජාතීන්ගේ සහ වෙනත් ජාත්‍යන්තර වේදිකාවල වගවීම වෙනුවෙන් පෙනීසිටීම පියරේ ගේ අභිලාෂයයි: ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වීම මධ්‍යයේ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සහ ජාත්‍යන්තර සහයෝගය වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.
  8. ශ්‍රී ලංකාවේ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් සිය දැඩි අවධානය යොමුකරයි: ක්‍රියා පටිපාටිවල දෝෂ, අපැහැදිලි අභිප්‍රායන් සහ ප්‍රකාශනයේ නිදහසට ඇති විය හැකි තර්ජන පෙන්වා දෙයි: පනතට අදාළව පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයේ අඩුපාඩු පෙන්වා දෙයි: නීත්‍යානුකූල අන්දමින් භාෂණය භාවිතා කිරීම යටපත් කිරීම සඳහා මෙම පනත භාවිතා කිරීමට ඇති ඉඩ පිළිබඳ අනතුරු අඟවයි: යෝජිත සංශෝධනවල සඵලතාවය ප්‍රශ්න කරයි: පුරවැසි ගැටළු ආමන්ත්‍රණය කරමින්, ජාත්‍යන්තර සලකා බැලීම් සමඟ දේශීය ඉදිරිදර්ශනවලට ප්‍රමුඛතාවය ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටියි.
  9. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම හසුරුවන ආකාරය එහි හිටපු සභාපති ජනක රත්නායකගේ විවේචනයට තුඩු දෙයි: වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නුසුදුසු සහ පිළිගත නොහැකි බව අවධාරණය කරයි: මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සුදුසුකම්ලත් සාමාජිකයන් බඳවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි: කොමිසමේ සංයුතිය තුළ, විශේෂයෙන් ම ව්‍යාපාරික ප්‍රජා නියෝජනය ඇතුළු නිසි නියෝජනයක් පැවතිය යුතු බව ද පෙන්වා දෙයි.
  10. සධීර සමරවික්‍රම (51) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 42) විසින් හයවැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි T-20 තරඟයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan