සේදීම වෙනුවට මහත්මා ගතිය පෙන්වූ නලින්ද ….

Date:

ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණ මැදිරියක විත්ති කූඩුවක් තුළ ඝාතනයට ලක්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආපසු යන මොහොතේ මාධ්‍යවේදීන් වෙතින් දැඩි ප්‍රශ්න කිරීමකට ලක්ව සිටියදී සිය රියදුරාට “බූරුවා” යනුවෙන් ඇමතීම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි.

මේ ගැන ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරුණු අතර එහිදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“ඒ කලබලකාරී ආතතිගත තත්වය තුළ පවා නියෝජ්‍ය ඇමතිවරයාගේ කටින් පිටවුණ වචන සම්බන්ධයෙන් මම කණගාටුව ප්‍රකාශ කරනවා”

සමාන්‍යයෙන් මෙතෙක් පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවලදී කැබිනට් ප්‍රකාශකවරයකු තම ආණ්ඩුවේ ඇමතිවරයකුගේ ක්‍රියාවක් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනු, සමාව ඉල්ලනු අප දැක නැත. සාමාන්‍යයෙන් ඔවුන් සිදුකරන්නේ තමන්ගේ ඇමති සගයාව ආරක්ෂා කිරීම හෝ එම සිද්ධිය සාධාරණීකරණය සඳහා කරුණු දැක්වීමයි. සරලව කිවහොත් තමන්ගේ එකා සේදීමයි. එසේ බැරිම තැනක නම් සිදුවෙන්නේ “ඒක එයාගෙන් අහගන්න” කියා ප්‍රශ්නය විමසූ තැනැත්තාගේම ඇඟේ ගැසීමයි.

එහෙත් එයින් වෙනස්ව නලින්ද ජයතිස්ස ඇමතිවරයා අදාළ රියදුරා සහ ඔහුගේ පවුලේ අයට කණගාටුව ප්‍රකාශ කිරීම වැදගත් දෙයකි. මහත්මා වැඩකි. ඒ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස ඇමතිවරයාට අදාළ ඇගයීම ලැබිය යුතුය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම යනු මෙවැනි කුඩා කුඩා පියවර දහසක් එකතු වීමෙන් නිර්මාණය වන්නකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...