ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්!

Date:

ෆයිසාල් සාලි මහතා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබෙන අතර, ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගත් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) දැනුම් දෙයි.

ඒ මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබයි. මීට අමතරව NDB බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසත්, NDB Housing Bank හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත්, අමානා බැංකුවේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සහ Cargills බැංකුවේ සහ HNB General Insurance හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති සාලී මහතා ANZGrindlays බැංකුවේ ආයතනික සහ වෙළඳ බැංකු ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...