ඉක්මනින් පළාත් පාලන මැතිවරණයකට යන්න රජය බලාපොරොත්තු වෙනවා – ඇමති දිනේෂ්

0
396

ඉක්මනින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“මේ ආණ්ඩුවට ලබාදීලා තියෙන දේශපාලන වරම අපි ආරක්ෂා කරගත යුතුයි, ශක්තිමත් කරගත යුතුයි. ඒ අරමුණු සඳහා අපි මේ දේශපාලන බලය පරිවර්තනය කරගත යුතුයි. පාර්ලිමේන්තුවේ ඡන්ද කොමිටියේ සභාපතිවරයා හැටියට මට තමුන්නාන්සේලාගේ යෝජනාවල පණිවිඩයක් දුන්නා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකරන්න, තරුණයින්ගේ නියෝජනය සහතික කරන්න කියලා. ඉතින් එය සාර්ථකත්වයට පරිවර්තනය කරන්නට අපි ඒ කමිටුව මේ දිනවල රැස්වෙමින් පවතිනවා. ඉදිරි දිනවල නිගමනයකට ඇවිත් ඉක්මනින් පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න, ගමේ ජනතාවට බලය වැඩිකරවන්න, ගමේ ජනතාවගේ මහජන ආයතන ශක්තිමත් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති උත්සවයක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here