කොන්දේසිවලට යටත්ව පුටින් සමග සාකච්ඡා කරන්න බයිඩ්න් එකඟ වෙයි

Date:

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. මූලික කොන්දේසිවලට යටත්ව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.

ඒ අනුව සාකච්ඡා මේසයට වාඩිවීමට නම් යුක්රේනය ආක්‍රමණය නොකරන බවට පුටින්ගෙන් සහතිකයක් ලැබිය යුතුය.

ප්‍රංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ඇමරිකා-රුසියා රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවක පැවැත්වේ. දශක කිහිපයකට පසුව යුරෝපය තුළ උද්ගතවීමට නියමිත බරපතලම ආරක්ෂක අර්බුදය මෙම සාකච්ඡා හරහා විසඳා ගැනීමට හැකි වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේශකයන් අනාවැකි පළ කරන්නේ.

බයිඩ්න්-පුටින් සාකච්ඡාවේ මැදිහත්කරු ලෙස කටයුතු කරන ප්‍රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන්, රුසියානු නායකයා සමග පැය 03 කට අධික කාලයක් තිස්සේ පැවැත්වූ දුරකතන සාකච්ඡාවකින් පසුව පුටින් සාකච්ඡා සඳහා එකඟ කරගෙන ඇති අතර ඉන් අනතුරුව මැක්රෝන් ඇමරිකානු ජනාධිපතිවරයා සමගද දුරකතනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ තීරණාත්මක සාකච්ඡාවට පෙර ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කුමන මොහොතක හෝ යුකේරේනය ආක්‍රමණය කිරීමේ අරමුණින් යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා ස්ථානගත කර ඇති අතර ඊට ඇමරිකාවෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...