මගේ කාලයේ නම් මේ ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. ජනතාව සතුටින් ජීවත් වුණා – මෛත්‍රී

Date:

අද පවතින ප්‍රශ්න කිසිවක් තමන්ගේ පාලන කාලය තුළ නොතිබුණ අතර ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තමන් රාජ්‍ය නායකයා ලෙස ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇතිකරගෙන තිබුණු අතර එදා ලෝකයේ සෙසු රටවලින් තමන්ට හොඳ සහයක් හිමි වූ බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

”හොරකම නැති දූෂණය නැති දේශපාලඥයින් පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදීව ඉදිරියට ගෙන යනවා. මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන්, දූෂණයෙන් තොර පාලනයක්. පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලඥයෝ හොරකම පුරුදුවෙලා ජනතාවගේ දේවල් හොරකම් කරනවා. සම්පත් හොරකම් කරනවා. ඒ නිසා මේ අසරණ පොදු ජනතාවට වැඩකරන නායකයින් අවශ්‍යයි. හොරකම් කරන්නේ නැතුව හොඳ නායකයින් අවශ්‍යයි. අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තිබෙනවා. ගොවි ජනතාවට ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තිබෙනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර නැහැ. ඒක නිසා කෘෂිකර්මාන්තය විශේෂයෙන්ම ලොකු දුර්වලකමකට පහත වැටීමකට ලක්වෙලා තිබෙනවා. අපි ඉතාම කණගාටු වෙනවා ඒ තත්ත්වය ඇති වී තිබීම ගැන. මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ රටේ ජනතාව ඉතාම සන්තෝෂයෙන් හොඳින් ජීවත් වුණා. බඩු මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇතිකරගෙන තිබුණා. ලෝකයේ රාජ්‍ය නායකයින් මා මිත්‍ර කරගෙන හිටියා.ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ එදා සහයෝගය දුන්නා. මම සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජාතීන් අතර ගොඩනැගීමට විශාල වැඩකොටසක් කළා.”

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...