අන්තර්ජාලයෙන් මව්කිරි වෙළඳාමට සීමා

Date:

විවිධ හානිකර බැක්ටීරියා, මත්ද්‍රව්‍ය සහ වෛරස අඩංගු විය හැකි බවට අනතුරු අඟවමින්, අන්තර්ජාලය හරහා මිනිස් මව්කිරි විකිණීමේ ප්‍රවණතාව වර්ධනය වීම පිළිබඳව විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කර ඇත.

අනාගතයේදී මව්කිරි අන්තර්ජාලය හරහා විකිණීම නැවැත්වීම සඳහා internet automatic filters යාවත්කාලීන කර ඇති බව eBay වෙබ්අඩවිය සඳහන් කරයි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පර්යේෂකයෙකු වන වෛද්‍ය සාරා ස්ටීල් පැවසුවේ මානව මව්කිරි අන්තර්ජාලයේ වෙබ්අඩවි තුළ කලක සිට අලෙවි කර ඇති බවයි. එසේම මෑත සතිවල කාන්තාවන් තම මව්කිරි කායවර්ධනකරුවන්ට විකිණීමෙන් පවුම් 10,000 ක් වැනි මුදලක් උපයන බවට සමාජ මාධ්‍යවල වාර්තා කර තිබිණ.

එක්සත් රාජධානියේ කිරි බැංකු ගණනාවක් ඇත, ඒවා අවශ්‍ය ළදරුවන්ට මිනිස් මව්කිරි නොමිලේ සපයයි. කෙසේ වෙතත්, මේවා සාමාන්‍යයෙන් දුම්පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෑ හි නියුතු පරිත්‍යාගශීලීන්ගේ ජීවන රටාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව බැංකු ගත කර තිබේ.

එසේම HIV, හෙපටයිටිස් B සහ සිෆිලිස් ඇතුළු වෛරස ආසාදන පිළිබඳවද කිරි පරිත්‍යාගශීලීන්ගේ පරීක්ෂා කිරීමක් සිදු කර තිබේ.

වෛද්‍ය සාරා ස්ටීල් පැවසූ තවත් අවදානමක් නම්, අන්තර්ජාලය හරහා අලෙවි කරන මෙවැනි මිනිස් මව්කිරි එළකිරි හෝ වෙනත් දියර සමඟ තනුක කළ හැකි අතර, ගබඩා කරන බෑග් වලින් රසායනික BPA වැනි වෙනත් ද්‍රව්‍යසංගටක වලින් අඩංගු විය හැකි බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...