*
Friday, October 18, 2024
spot_img

Latest Posts

නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහල සංවර්ධනයට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහලෙහි ඇති පහසුකම් හා අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කලේ ලක්ෂ දෙකක් පමණ ජනතාවක් වාසය කරන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහල විශාල කාර්ය භාර්යක් ඉටු කරන බවයි.

පසුගිය කාලසීමාව තුළද මෙම රෝහලෙහි පහසුකම් සම්බන්ධයෙන් සොයාබලා එහි ගුණාත්මකභාවය ඉහළ දැමීමට බලාපොරොත්තුවෙන් පසුවූ නමුත් කොවිඩ් ව්‍යවසනකාරී තත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් එකී කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වූ බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම රෝහල ප්‍රදේශයේ ජනතාවට ඉතා විශාල පහසුකම් සම්භායරක් සපයන බැවින් මෙම රෝහල අනාගතයේදී දිසා රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කටයතු සිදු කරන බවයි.

එසේ සිදු කරීමට අවශ්‍ය කරන මෙම රෝහලට අවශ්‍ය කරන යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කරන බවත් සඳහන් කල අමාත්‍යවරයා තමාට ලැබී ඇති ප්‍රතිපාදන වලින් ලක්ෂ114ක් පමණ මුදලක් මෙම රෝහලේ බෝ නොවන රෝග පරීක්ෂා කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු සිදු කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලබාදෙන බවත්, එම කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතිරි මුදල් සම්පාදනය කිරීම හරහා රුපියල් ලක්ෂ 250 ක් පමණ මුදලක් ලබාදීමට කටයුතු කරන අතර ගොඩනැගිල්ල සකස් කරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර කඩිනමින් ලබාදෙන ලෙස රෝහල් කාර්යමණ්ඩලය වෙත උපදෙස් ලබා දුන් බව සඳහන් වේ.

නවගමුව ආශ්‍රිත ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහල නංවාලීම සඳහා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තුළ ඇති කැපවීම ඉතා අගය කොට සලකන බවත් මෙම රෝහලෙහි ඇති අඩුපාඩුකම් සකසාගෙන පහසුකම් ඉහළ නැංවීම තුළින් ප්‍රදේශයේ ඇති ප්‍රධාන රෝහල් වල ඇති රෝගින්ගේ තදබදය අවම කර ගැනීමට හැකිවන බවත්, සඳහන් කල සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පවසා සිටියේ ඉතා ඉක්මනින් අවශ්‍ය කරන ගෝඩනැගිල්ල සකස් කිරීමට සැලසුම් කර මෙම කටයුත්තට දායකත්වය ලබාදෙන ලෙස මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan