*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන

කොළඹ LNW:වසර තුනක් තුළ ජනතාව මුහුණ දී සිටින ගැටළු විසඳන වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන එහි දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පවසයි.

ඒ අනුව කුසගින්න කුසගින්න අවම කිරීම එක් අවශ්‍යතාවක් වනාතර විදුලි බිල වැඩිවීමෙන් ජනතාව පීඩනයට පත්ව සිටින බවද පරණවිතාන මහතා සඳහන් කරයි.

ජල බිල හේතුවෙන් ද ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි පරණවිතාන මහතා පෙන්වා දෙයි.

මෙම ගැටලුවලින් ජනතාව මුදා ගැනීම සඳහා සියලු පාර්ශ්වවලට එක්විය හැකි පොදු අවම වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

”රටට අවශ්‍ය විධිමත් වැඩපිලිවෙළකි. ඊට අපේක්ෂකයන් වැදගත් නැහැ. ඉදිරිපත් කෙරෙන නිශ්චිත වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ජනවරමක් ලබාගත යුතුයි. විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට ද එක්සත් ජනරජ පෙරමුණ සූදානම්” යනුවෙන් හෙතෙම තවදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan