(VIDEO):කතානායකගේ හැසිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනි – විපක්ෂ නායකගෙන් චෝදනා!

Date:

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනිව කතානායකවරයා කටයුතු කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) අනුව යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරනු ලැබ ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරන ලද සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධන හෝ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරණය ප්‍රකාශ කර ගත් ආකාරයට හැර සම්මත නොකළ යුත්තේය යනුවෙන් සදහන්ව ඇති බවත් මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනවලට අනුව පනත සම්මත විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කරන ලදී.

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනවලට පටහැනිව තමන්ට රිසිසේ පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වූ බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

කතනායකවරයා ද එවැනි අඩුපාඩුවක් සිදු වූ බව පිළිගත් බවත් මාර්ගගත සුරක්ෂිතතා පනත මේ සභාවේ අනුමත වූයේ අනීතිකව බවත් එසේ සිදුවිය නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කතානායකවරයාට නිවැරදි උපදෙස් ලබා දීම නිලධාරීන්ගේ වගකීම වන අතර මේ අඩුපාඩු නිවැරදි කර ගත්තේ නැත්නම් කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවන බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...