කේක් නෝනාගෙන් රෝහිත අබේගුණවර්ධනට කරදරයිලු..

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, කලුතර “කේක් නෝනා” නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බවයි.

මේ අයුරින් සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබා ඇති මෙම කාන්තාව නිසා තමාට ජීවිත තර්ජන ඇති වී තිබෙන බවත් සදහන් කලේය . තවද, මෙම කාන්තාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද අපහාස වන අයුරින් සටහන් තබා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව “කේක් නෝනා” යැයි කියූ විට කවුරුත් දන්නා බවද කී රෝහිත අබේගුණවර්ධන මහතා,තමා හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල සඳහන්ව ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...