*
Sunday, February 23, 2025
spot_img

Latest Posts

අන්තිම සරලයි තමයි ඒත් තේරුම් ගන්න අමාරුයි…

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

වැදගත් ම දේ මෙන්න මේකයි
තමන්ගේ ම කෙස් වැටියෙන් අල්ලා ඇද
සිරුර කනපිට පෙරළා
අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි.

පීටර් වයිස්ගේ නාට්‍ය පෙළ අපි වැළද ගත්තේ සුගතපාල ද සිල්වා ට පිං සිඳු වන්නටය.ජැක්සන්,ජයසිරි,රොජර් මෙන්ම කෞශල්‍යා ප්‍රනාන්දු වැනි මහා බරපතල රංගධරයන්ගේ පහසින් ආලෝකමත්ව තිබූ එම නාට්‍යය මරා – සාද් නම් විය. මෙහි එන ඉහත දෙබස් කාණ්ඩය එක් කලෙක අපේ තරුණ නාට්‍යකරුවන්ව කණපිට හරවා වෙනස් වීමේ අවශ්‍යයතාවය ඇති කළ පරමාදර්ශී දෙබස් පෙළක් විය.

වෙනස්වීම සහ අලුත්වීම මත දිවෙන සමාජයක අපේක්ෂාවන් අප තුළ තිබෙන්නේ මැරෙන්නට පෙර ඉටු කර ගැනීමට හැකි වේදැයි යන සැකයත් සමඟය.ඒ වෙනුවෙන් අප නියෝජනය කරන කේෂ්ත්‍ර වෙනස් කිරීමේ සහ සාධාරණ කිරීමේ වගකීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු.මේ වන විටත් කි‘කලකවත් නොවුණු සේ නිල ක්‍රීඩා සංගම්වල ගැටළු නිසා ඒවා නොවිසඳා තමන්ගේ අතේ තපාගෙන සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු අපේ ක්‍රීඩාවට සිටීම ආණ්ඩුවට අදාළ නැත.

අප රගර් හී කරන රංගනය ඒ අතරින් බරපතල රටේ රගර්වල ස්වාධීනත්වය සහ පෞරුෂයට වින කරන එකකි.එසේම දැනට ව්‍යාප්ත වි ඇති රගර් හී විසිරීම හකුලා නාගරික සුළු ප්‍රදේශයකට යටත් කිරීමේ වෑයමකි.ඒ සඳහා ප්‍රාදේශිය සංගම් සහ බී කාණ්ඩයේ රගර් ක්‍රීඩාව අකර්මන්‍ය කිරීම සහ අසාර්ථක කිරීමෙන් පැවතීමද පලක් නැති සහ රහක් නැති දෙයක් බවට පත් කිරිම මේ සඳහා වන සැළසුමේ අංගයකි.

ඊට උදාහරණ ලෙස මේ වන විට රගර් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කරන්න යැයි ලැබුණු මුදල් හා එම දින මේ සමග දක්වා ඇත.ඒවා කිසිවක් පළාත් සංගම්වලට යොමු කර නැත.ව්‍යවස්ථානුකූලව බඳවා නොගැනීම නිසා අධිකරණයට පවා ගොස් හසන් සිංහවංශව ඉවත් කිරීමට බල පෑ සාධක කිසිවක් අවධානයට නොගෙන දැන් පත් කර තිබෙන හිටපු නාවික නිලධාරියා පත් කලේ කෙසේද යන්න ද අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතුය.ජනවාරි මස සිට පත් කිරීම සහ දෙසැම්බර් මස වැටුපද ගෙවීමට ඔහුට යෝජනා කර ඇද්ද සහ එසේ ගෙවා ඇද්ද යන්න ද අමාත්‍යවරයාම සොයා බැලිය යුතුය.

පළාත් සංගම්වලට ප්‍රතිපාදන නොදී මේ පුද්ගලයා පත්කිරිම සම්බන්ධයෙන් සහ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අපේ ගැටළුව මතුවන්නේ රගර්මය කාරණාවකින් නොවේය.ඔහු රගර් ක්‍රීඩාවට සම්බන්ධ අයෙකු බව ද අපි දනිමු.ඒත් හසන් සිංහවංශට නීතිය බල පෑ කාරණා ටික නොසළකා හැර ඔහු රැඟෙන ඒම නීත්‍යනුකූල නැත.නීතිමය සහ සාධාරණමය නොවන වෙනත් ඉලක්කයකට රගර් ගෙන යමින්,සෘජුව පෙනී සිටින මිනිසුන්ට වඩා වැරදි කරත් නමනීය දේශපාලකයාට නැමෙන,නිලධාරියාට කුමන තත්ත්වයක හෝ අවනත කර ගත හැකි මිත්‍රත්වයක් අපේක්ෂා කරන පිරිස් බලයට ගෙන ඒමේ පියවරට අමාත්‍යවරයා ඉදිරියට දමා පිටුපසින් තල්ලු කරගෙන යන විශාල බලයක් ඇත.

එහෙත් මරා – සාද් හී සඳහන් වන අන්දමට කොට්ට උරය මෙන් කණපිට හැරුණොත් ඒ අයුක්තිය සහ අසාධාරණය බර එකක් නොවන බවත්,ස්වීය දේශපාලන දෘෂ්ඨිවාදයට අවංකවීමෙන් පමණක් ඒවා පෙරළිය හැකි බවත් අපි විශ්වාස කරන්නෙමු.අපිට රැඟෙන යන්නට දෙයක් නැත.නම් සඳහනක් නොවුණු මිනිස්සුන්ට යහපත් ක්‍රීඩාවක් ඉතුරු කර යන්නට අපි කැමත්තෙමු.එහි අමාත්‍යවරයාගේ නම ද,වෙනත් කුමන කෙනෙකුගේ නම ද සඳහන් වූවාට අවුලක් ද නැත.ක්‍රීඩාව ගැන ප්‍රායෝගිකව දන්න ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අසේල පටබැඳී වැනි ලෝකයේ පළමු නීතිඥ ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයෙක් වූ අයෙකු ක්‍රීඩාව වැනි විෂයකදී නිවැරදිම පුද්ගලයින් සොයා දෙන්නට උපකාරයට ගත හැකිය.

එසේම කලක් ක්‍රීඩා පිටියේ සිට ක්‍රීඩා ලේඛණයේ ද බලපෑම් චරිතයක් වූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ පෞද්ගලික සහකාර හිමාෂි කරුණාරත්න වැන්නියකට ද ඒ් ආකාරයෙන් හොඳ නරක වෙන් කර දෙන්නට මැදිහත් විය හැකිය.අග්‍රාමාත්‍ය තුමියගේ මාධ්‍ය ඒකකයේ සිටින රවීන්ද්‍ර පුෂ්පකුමාර ද ක්‍රීඩා මාධ්‍යකරුවෙකු ලෙසත් සම්ප්‍රදායික අං කෙළිය වැනි ක්‍රීඩාවක ප්‍රවිනයෙකු හා නිවැරදිම මිනිසුන්ගේ සම නිවැරදිම ක්‍රීඩාවේ ගමණට අත්වැල් අල්ලන්නන සුදුසු අය කවුරුද යන්න දැන ගැනීමට සහ සොයා ගැනීමට අමාත්‍යවරයා නියෝජනය කරන ආණ්ඩුව ඇතුළෙන්ම දායක කර ගත හැකි සම්පත්ය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan