පිරවුම්හල් ළඟ වාහන පෝලිම් – තෙල් සංස්ථාව ලඟ බවුසර් පෝලිම් – ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් සැළකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් සතුව පෙට්‍රල් තිබුණද බොහෝ පිරවුම්හල් සතු ඩීසල් තොග අවසන් වී තිබේ.

මීට හේතු වී තිබෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම දැඩිලෙස සීමා කිරීමයි. ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ ඉන්ධන තොග ඇණවුම් කර මුදල්ද ගෙවා ඇති නමුත් ඉන්ධන තොග ලැබීම ප්‍රමාද වන බවයි.

ඉන්ධන හිගය හේතුවෙන් මේ වනවිට බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ. මේ අතර තෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණ අසල දිගු බවුසර් පෝලිම් දක්නට ලැබෙන බවද වාර්තා වේ. ඒ, කුමන මොහොතක හෝ ඉන්ධන තොග ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

මෙම සියලු අර්බුදවලට හේතු වී තිබෙන්නේ ඩොලර් නොමැතිවීමයි. ඉන්ධන තොග රැගත් නෞකා කිහිපයක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයට පැමිණ නැංගුරම් ලා සිටින නමුත් අදාල ඉන්ධන තොග සඳහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් මේ දක්වා නිකුත් කර නොමැත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඉන්ධන නිකුත් කිරීම 50% කින් අඩු කිරීමට සිදුව ඇති බවයි.

UN