GST පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

0
441

කෙටුම්පත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. කෙටුම්පත් කළ මෙම පනත අර්ථ නිරූපණය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය අද පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කතානායකවරයා සඳහන් කළේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්ත ලැබිය යුතු අතර මීට අමතරව ජනමත විචාරණයකින් රටේ බහුතර ජනතාවගේ කැමැත්තද ලබා ගත යුතු බව කතානායකවරයා සඳහන් කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here