ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් කියන ශෝකජනක කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් ගේබ්‍රියේසස් පවසා සිටින්නේ, ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය නරක අතට හැරෙන බවත් මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් 30 වන දිනටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඛාන් යූනිස් හි අල්-අමල් රෝහලේ භයානක තත්වයක් ගැන පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය ද අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී ඉස්මයිල් අල් තවබ්ටේ පවසා ඇත්තේ, මේ අතර උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පසුගිය සති තුන තුළ ආහාරයට ගැනීමට ඉතිරිව තිබුණේ සත්ව ආහාර පමණක් බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 29,313ක් මිය ගොස් 69,333ක් තුවාල ලබා ඇති බවයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...