*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/22

  1. පුරවැසි සංවර්ධනය උදෙසා බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට වැඩපිළිවෙලක් දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ජාතික සංවර්ධනය තුළ බාලදක්ෂයන්ගේ භූමිකාව පිළිබඳ කරුණු දක්වන ජනාධිපතිවරයා මේ සඳහා තාක්ෂණ අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරන බව පවසයි: තම වගකීම් ඉටුකරන මෙන් දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, සෞභාග්‍යමත් අනාගතයක් සහතික කිරීම සඳහා සාමූහික ප්‍රයද්න ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටියි.
  2. වත්මන් ආණ්ඩුව රට බංකොලොත් කර විනාශ කළ බවත්, කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන ලබා දී රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කර රටම මළ ගෙයක් බවට පත්කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: දූෂිත ඖෂධ ගණුදෙනු ක්‍රියාත්මක කළ ඇමතිවරයා වෙනුවෙන් නැගි සිටියේ වත්මන් රජයේ 113 දෙනා බව පවසයි: දිළිඳුකම තුරන්කරන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කරමින් ව්‍යාපාරික ප්‍රජාව සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම, සෘජු විදේශ ආයෝජන දිරිමත් කරන වන් ස්ටොප් ෂොප් (One Stop Shop) සංකල්පය හඳුන්වා දීම, සහ වෙනස්නොවන ස්ථිර දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ආදිය සමඟි ජන බලවේගයේ රජයක් තුළ සිදුවන බවට සහතික කරයි.
  3. ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා මාර්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි: ජනතා විමුක්ති පෙරමුණ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම නීති විරෝධී බවට ඔහු තර්ක කරයි.
  4. කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි: යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් බව ද පවසයි.
  5. විදුලිය බිල අඩු කිරීම පිළිබඳ යෝජනාව අද දින මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට නියමිත ය: ලබා ඇති ලාභයේ ප්‍රතිලාභය ජනතාවට ලබා දීමට විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි: විදුලිය බිල අඩු කිරීම ඉකුත් වසරේ විදුලිය බිල ඉහළ දැමූ අගය හා සැසඳෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ඒ අනුව, ගෘහස්ත පරිභෝජකයන් වෙත 18%; කර්මාන්ත වෙත 12%; රජයේ ආයතන වෙත 24%.
  6. උද්ධමනය සම්ප්‍රේෂණය වීමේ ප්‍රමාදය වළක්වා ගැනීමේ අරමුණින් වඩාත් හොඳ තීරණ ගැනීම සඳහා මහ බැංකුව විසින් මධ්‍ය-කාලීන උද්ධමනයක් කෙරේ අවධානය යොමු කර තිබේ: බදු වෙනස්වීම් සහ සැපයුම්වලට එල්ල වූ බාධාවන් හමුවේ කෙටි-කාලීන උද්ධමනය ඉහළ යා හැකි මුත් පසුව ස්ථායීකරණයක් අපේක්ෂාකළ හැකි බව නිලධාරීන්ගේ විශ්වාසයයි: මධ්‍ය-කාලීන උද්ධමනයේ චලනයන් සමතුලිතව පවතින අතර, සැපයුම්වල පවතින ගැටළු හේතුවෙන් ආසන්න කාලීන උද්ධමන අවදානම් ඉහළ යා හැකි බවට ඔවුහු පුරෝකථනය කරති.
  7. වැට් බදු ඉහළ යාම සහ සැපයුම් දාමයේ ඇති වූ අවහිරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ජනවාරි මස වසරින්-වසර 6.5% කින් ඉහළ යයි: මාසික සංඛ්‍යාලේඛන අනුව, වසරක් තුළ ඉහළම අගය වාර්තා කරමින් 3.0% ක වැඩිවීමක් නිරීක්ෂණයකළ හැකිය: ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය හැර මූලික මිල ගණන් 2.2% කින් ඉහළ ගොස් ඇත: ආහාරවල මිල ගණන් 4.1% කින් ඉහළ ගොස් ඇති අතර, ඉහළ නිවාස කුලී සහ පෙට්‍රල් මිල හේතුවෙන් ආහාර-නොවන උද්ධමනය 8.5% කින් ඉහළ ගොස් ඇත: ඉහළ යන අධ්‍යාපන වියදම් සහ විනෝදාස්වාද වියදම් ද උද්ධමනයේ ඉහළ යාමට හේතු වී ඇත.
  8. ප්‍රංශයේ සහාය ඇතිව ස්ථාපිත කරන ලද චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ අනවසර තෙල් මුදාහැරීමක් හඳුනා ගැනීමට සහ වැළැක්වීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමත් වෙයි: මෙම තෙල් කාන්දුව සිදුව තිබෙන්නේ ඉකුත් පෙබරවාරි 04වන දින කොළඹට ආසන්නයේ සාගරයේ වන අතර, ග්ලෝබල් ක්‍රෙස්ට් නෞකාවකින් එකී තෙල් කාන්දුව සිදුව තිබේ: මෙම නෞකාවට එරෙහිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඇ.ඩො. 50,000 කට ආසන්න දඩයක් නියම කර ඇති බව සඳහන්.
  9. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යූ ඩබ්ලිව් සුමතිපාල සම්මානය, මෙවර සුමති සම්මාන උළලේ දී කීර්තිමත් ශ්‍රී ලාංකික කලාකරුවකු වන ප්‍රියා සූරියසේන (79) වෙත හිමිවෙයි: ඒ මහතා විසින් එම සම්මානය ලබා ගන්නා විට උළලේ සෑම කොනකින්ම ජනතාව හැඟීම්බර වන අන්දම නිරීක්ෂණය කළ හැකිවිය.
  10. ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවති විස්සයි-විස්ස තරඟාවලියේ ඊයේ දිනයේ පැවති තරඟයේ දී ශ්‍රී ලංකාව (206/6) ඇෆ්ගනිස්ථානය (209/5) හමුවේ ලකුණු තුනකින් පරාජය පත්ව තිබේ: අවසන් පන්දුවාරයේ දී මෙම පරාජය අයත්ව තිබේ: කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65: ඇෆ්ගනිස්ථානයේ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 70: මෙය විස්සයි-විස්ස තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ පළමු ජයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan