එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ බිත්තර වලට වෙන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරුම ආනයනය කළ බිත්තර සතොසට ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

මේ අතර පාන් ගෙඩියක නිශ්චිත බර සම්බන්ධයෙන් විදිවිධාන ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රයට අනුව බේකරි හිමියන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ලේ දී පැවැත්වූ අතර, මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල සහකාර මිනුම් ප්‍රමිති සේවා අධිකාරි දුලිත් අසෝක මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ කපිල බණ්ඩාර යන මහත්වරුන්ගේ මුලිකත්වයෙනුයි දැනුවත් කිරීම සිදුකර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ බේකරි හිමියන් මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර,පාන් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ නීතිමය තත්ත්වයන් මෙහිදි පැහැදිලි කර ඇත.

ඉදිරියේ දී වෙළදසැල්වල අලෙවි කෙරෙන පාන් වල බර හා එහි මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...